ජීවත්වන ලෝකයේ ආත්මය ආර්ට් එකක් කරන ලූක් ස්ටැක්පූල්ගේ විශ්මයජනක සොබාදහමේ ඡායාරූප!

0
527

සටහන – පුලී

ජනවාරි 02, කොළඹ (LNW):  භූ දර්ශන ග්‍රහණය කරගන්නා ඡායාරූප ශිල්පීන් ලෝකයේ එහා කෙලවර සිට මෙහා කෙලවර දක්වා සිටින අතර, පෘථිවිය හුස්ම ගන්නා බව ඔබට දැනෙන පරිදි ඡායාරූපකරණයෙන් කතා කියන්නන් ද ඒ අතර වේ. ලූක් ස්ටැක්පූල් යනු මන් අර කීව ඒවායෙහි දෙවන කාණ්ඩයට තදින්ම අයත් අයෙකි. 

ඔහුගේ ඡායාරූපකරණය කඳු, සාගර සහ දුරස්ථ ක්ෂිතිජ ගැන පමණක් ම නොව එය හැඟීම්, චලනය සහ මිනිසුන් සහ සොබාදහම අතර ගැඹුරු, නොකියූ සම්බන්ධතාවය ගැන අවධාරණය කරයි. ඔහුගේ කාචය හරහා ඔහු ලෝකය ජීවමාන, සිනමාත්මක සහ ගැඹුරු බවක් පෙන්වීමට තැත් කරයි.

ඡායාරූප ශිල්පියෙකු ලෙස ලූක්ගේ ගමන ඔහුව ලෝකයේ වඩාත්ම විශ්මය ජනක ස්ථාන කිහිපයක් හරහා ගෙන ගොස් ඇත. ඒ අතර අයිස්ලන්තයේ ග්ලැසියරවල සිට අප්‍රිකානු කාන්තාරවල හිරු රශ්මියෙන් පිළිස්සුණු නිශ්ශබ්දතාවය දක්වා ඔහුගේ කාර්යය කැපී පෙනෙන්නේ තාක්ෂණික පරිපූර්ණත්වය පමණක් නොව, ඔහුගේ අභිප්‍රායයි. සෑම රාමුවකම මනෝභාවය, කතාව සහ වායුගෝලය සමඟ සම්මිශ්‍රණයක් දක්නට ලැබේ. ඔහුගේ ඡායාරූප චිත්‍රපටයකින් ලබාගත් නිශ්චල රූප මෙන් දැනේ.

ලූක් සැබවින්ම අනෙකුත් අයවලුන්ගෙන් වෙන්කර හඳුනා ගන්නේ අමු ස්වාභාවික සුන්දරත්වය ගැඹුරු මිනිස් දෙයකට පරිවර්තනය කිරීමේ ඔහුගේ හැකියාව තුළිනි. ඔහුගේ ඡායාරූපකරණය කෑගසන්නේ නැත! එය මුමුණමින් යමක් ප්‍රකාශ කිරීමට තැත් කරනු ඇත. මේ ඔහුගේ කතා කරන පින්තූර ගොන්නක එකතුවකි.

#1

Nature Landscape Photography by Luke Stackpoole

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20