සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි මස 03: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: අද(03)දිනයේදී වෙනිසියුලාවට එල්ල කරන ලද මහා පරිමාන ප්‍රහාර මාලාවකින් අනතුරුව එක්සත් ජනපදය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් බවට නිල වශයෙන් දැනුම් දීමත් සමඟ ලෝකය මවිතයට පත් කර ඇති අවස්තාවක මිට පෙර ලෝකයේ රාජ්‍ය නායකයන් මෙලෙස අත්අඩංගුවට ගැනීමේ ඉතිහාසය සැකවින් මෙලෙසය,
එක්සත් ජනපදය වෙනිසියුලානු නායකයා සිය යටතට ගනු ලැබුවා මෙන් මීට පෙර පැනමාවේ හිටපු හමුදා නායක මැනුවෙල් නොරීගා ද අත්අඩංගුවට ගනු ලැබුය. පැනමාවේ එක්සත් ජනපද පුරවැසියන්ගේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයන්, දූෂණය සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම උපුටා දක්වමින් එක්සත් ජනපදය විසින් 1989 වර්ෂයේදී පැනමාවේ නායකයා අත්අඩංගුවට ගනු ලැබිය.

පැනමාවට පහර දීමට පෙර, එක්සත් ජනපදය මධුරෝ ඉලක්ක කරගත් ආකාරයටම, 1988 දී මියාමි හි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නොරීගාට චෝදනා එල්ල කළ අතර ඔහු පැනමාවට එක්සත් ජනපදය ඇතුළු වීම එකල වියට්නාම් යුද්ධයෙන් පසු විශාලතම එක්සත් ජනපද සටන් මෙහෙයුම විය. නොරීගා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු එක්සත් ජනපදයට ගුවනින් ගෙන යාමෙන් පසු මියාමි චෝදනාව මත නඩු පවරන ලද අතර 2010 දක්වා එහි සිරගත කරන ලදී.
පසුව ඔහු තවත් නඩු විභාගයකට මුහුණ දීම සඳහා ප්‍රංශයට පිටුවහල් කිරීමෙන් වසරකට පසුව ප්‍රංශය ඔහුව නැවත පැනමාවට යවන ලදී. නොරීගා සිර දඬුවම් විදිමින් සිටියදී 2017 දී මිය ගියේය.
බැග්ඩෑඩ් සතුව සමූල ඝාතක අවි (WMD) ඇති බවට ව්‍යාජ බුද්ධි තොරතුරු මත පදනම්ව, එක්සත් ජනපදය 2003 දෙසැම්බර් 13 වන දින ඉරාක ආක්‍රමණය සහ අත්පත් කර ගැනීම සිදු කළ අතර ඉන් මාස නවයකට පසු ඉරාක ජනාධිපති සදාම් හුසේන් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගන්නා ලදී.

2003 යුද්ධය ගොඩනැගීමේදී, සදාම් අල්-කයිඩා වැනි සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දුන් බවත්, 1980 ගණන්වල ඉරාක-ඉරාන යුද්ධය පැවති වසරවලදී, මිලියනයක් මිනිසුන් මරා දැමීමත් ඔහුට එරෙහි වූ චෝදනා වූ අතර ඔහු ඉරාක අධිකරණයක නඩු විභාගයකට පෙනී සිටි අතර මරණ දඬුවම නියම වූ අතර, 2006 දෙසැම්බර් 30 වන දින මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියෝග කෙරින.

මේ හා සමානව සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා දින කිහිපයකට පසු 2022 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද නියෝජිතයන් සහ හොන්ඩුරාන් හමුදා විසින් කරන ලද මෙහෙයුමකදී හොන්ඩුරාස් හි ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩෙස් අත්අඩංගුවට ගනු ලැබිය. 2022 අප්‍රේල් මාසයේදී, දූෂණ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් ඔහුව එක්සත් ජනපදයට පිටුවහල් කරන ලද අතර, එම වසරේම ජුනි මාසයේදී ඔහුට වසර 45 ක සිර දඬුවමක් නියම කරන ලදී.

මෙහා සමානව මේ වන විට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ හා ඔහුගේ බිරිඳ එක්සත් ජනපද හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනිසියුලා උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසන්නේ රජය මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය නොදන්නා බවත් ඔවුන් ජීවත්ව සිටිනවද යන්න එක්සත් ජනපදයෙන් තහවුරු කර ගැනීමට උත්සහ කරන බවත්ය.
එක්සත් ජනපද සෙනෙට් සභික මයික් ලී මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළ පරිදි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ එක්සත් ජනපදයේ අපරාධ චෝදනා මත නඩු විභාගයක් පැවැත්වීමට නියමිත බවයි.
මේවන විට රුසියාව ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කම්පනයට පත්ව සිටින අතර රුසියාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ රටින් බලහත්කාරයෙන් ඉවත් කරන ලද බවට වාර්තා වීමෙන් අපි අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බවත්, මධුරෝ සිටින ස්ථානය පිළිබඳව ‘වහාම පැහැදිලි කිරීමක්’ අවශ්‍ය බවයි.

