මට මේවා පුරුදු තැන්. අපිව එහෙම බය කරන්න බෑ – ජොන්ස්ටන් FCID එයි.

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඒ ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කර තිබුණු දැනුම් දීම අනුවය.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණේ මීට සති කිහිපයකට ඉහත වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබුණි.

එහෙත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබුණු නමුත් ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය30 වැනිදා අත්අඩංගුවට ගෙන පසුගිය 31 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර සිටියි.

මෙම පසුබිම මත අද හිටපු අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ගේ පුතුන් සහ තමන් වරදක් කා නොමැති බවයි.

”මට මේක පුරුදු තැනක්. මේක සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්. මේ මුළු පවුලක්ම හිරකරන්න හදන්නේ. කිසිම සාක්ෂියක් නැතුව අවුරුදු 10ක් විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නව ගෙනල්ල මාව ගෙනල්ලා අලුත් අවුරුද ලබා කොට එක දවසෙන් කරපු සැලසුමක්. මේවට ලක්ෂ ගණන් වියදම් කරනවා ආණ්ඩුව. මේ මඩ ගහන්න. මගේ දරුවෝ දෙන්න වරදක් කරලත් නැහැ මම වරදක් කරලත් නැහැ. ඒ නිසා අපි මේකට මුහුණ දෙනවා. අපි බය වෙන්නේ නැහැ. අපිව බය කරන්න බැහැ.” යනුවෙන් හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල ද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...