ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය වෙනුවෙන් විනය පරීක්ෂණ මණ්ඩලයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :

අද (07) දින විනය පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බව වාර්තා වේ.

ඒ අනුව, එහි ලේකම් නාලක කළුවැව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ අනුව එම කමිටුව පත් කරන බවයි. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවේ අනුමැතිය හිමිවූ බවද ඔහු කියා සිටී.

ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විධිමත් විනය පියවර ගැනීමට අදාළ කරුණු විමර්ශනය එම කමිටුව හරහා සිදුකෙරෙනු ඇත. තවද, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...