ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක් ප්‍රධානය කර තිබේ.

වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් S.S. රණසිංහ , කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර, උප සභාපති හේරත් ජයවර්ධන යන මහත්වරුන් අදාල චෙක්පත මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් වෙත භාර දෙනු ලැබූහ.

මී‍ට පෙර අවස්ථාවකදී රුපියල් බිලියන 02 ක් ප්‍රධානය කර තිබු අතර අද දිනයේ ඉතිරි රුපියල් බිලියන 03 ප්‍රධානය කෙරුණි.

2024 වස‍රේ ලාභාංශ, 2025 වසර තුල නිවරදිව කළමනාකරණය කර ගැනීම නිසා මෙම මුදල් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට පරිත්‍යාග කිරීමට හැකි වී තිබේ.

2025 වසර තුල වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගැනීමෙන් නොවැම්බර් මස 30 වන දා වන විට වරාය අධිකාරිය රුපියල් මිලියන 44110ක ශුද්ධ ලාභයක් උපයාගෙන තිබීම, මෙම මුදල ප්‍රධානය කිරීමට විශාල පිටුවහලක් වී තිබේ.

මෙම අවස්ථාවේදී ඒ සඳහා දායක වුනු වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශවයන්ට වරාය අධිකාරියේ සභාපතිවරයා ස්තුතිය පුද කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...