ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තම දිනක වැටුප(රු. මි. 50ක්) Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 07 , කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට , ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප, පරිත්‍යාග කර ඇත.

එලෙස පරිත්‍යාග කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 50කි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊට අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දී ඇති බවයි .

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...