නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW:
පිහාටු මල් ක්‍රීඩාව යනු බැඩිමින්ටන්ය.බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වෙනුවට වැඩි දෙනෙකුට ජාත්‍යන්තර තරග බිම විවෘත වෙමින් ගෙවුණු පසුගිය වසර කිහිපය ශ්‍රී ලංකා බැඩිමින්ටන් ඉතිහාසයේ ස්වර්ණමය අවධියක් විය.ඊට හේතු වූයේ බැඩිමින්ටන් පරිපාලනයේ ප්‍රධානියා වූ රොහාන් ද සිල්වා විසින් සිය පෞද්ගලික ව්‍යාපාරවලින් ඊට එකතු කළ ධනය ය.
මේ අතර තව දුරටත් ක්‍රීඩාව සංවර්ධනය පිණිස කණිෂ්ඨ සංචිත දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් නඩත්තු කිරීමේ වැඩ පිළිවෙලක් ද,විනිසුරුවන් සහ පුහුණුකරුවන්ගේ දැණුම සංවර්ධනය කිරීමේ වැඩ පීළිවෙලක් ද ඇති කරමින් ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩාව හැකියාවන් සහ දැණුම සමඟින් පෙරමුණට ගෙන යන්නට අවශ්‍යය පදනමද සකස් කරන්නට විය.
මේ ව්‍යහුය තුළ කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ සංවර්ධනය භාරව සිටි රොෂාන් ගුණවර්ධන මීට පෙර ද බැඩිමින්ටන් සභාපතිවරයෙකු ලෙස කටයුතු කර තිබෙන නිසා සහ ඒ වන විට ගමන පිළිබඳ දළ අවබෝධයක් ඇතිව සිටි හෙයින් ද,රොහාන් සිය සභාපති ධූරයට හිමි නිශ්චිත කාල රාමුව පසු නොකරම සභාපති පදවිය රොෂාන් ගුණවර්ධනට පිරිනමමින් සභාපති පුටුවෙන් බැස ගියේය.
ඉනික්බිති රොහාන්මය කාලපරිච්ඡේදය නිමා කරමින් උදා වූ රොෂාන්මය කාලපරිච්ඡේදය තුළ ද අඛණ්ඩව තමන් ඇරඹූ ගමන් මඟේ පෙරට යන්නට අවශ්‍යය අනුග්‍රාහක පහසුකම් ද රොහාන් ලබා දුන්නේය.එහෙත් මේ වන විට ඒ සියල්ල බිදී බොඳ වී බැඩිමින්ටන් පරිපාලනය තුළ රොෂාන් ගුණවර්ධන හුදෙකලා වෙමින් ඇත.බැඩිමින්ටන් කීර්තිය ක්ෂය වෙමින් ඇත.
රොෂාන් නව අනුග්‍රාහකයන් පිළිබද අදහස් දක්වමින් රොහාන්මය ගමන වෙනුවට ස්විය අනන්‍යතාවය රැඳුණ රොෂාන්මය ගමණක් පිළිබදව බලාපොරොත්තු ඇති කළේය.අලුත් ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ සෙනෙහසේ සුවඳ පිහාටු මලේ කවරන බවට සපත කරන්නට විය.එහෙත් ඒවා වචනවලින් ඔබ්බට ගමන් නොකර නැවතී ඇත.
ඒ නිසා මේ වන විට බැඩ්මින්ටන් පරිපාලනයේ සිටි බොහෝ තනතුරුධාරීන් නික්ම යමින් ඇත.බොහෝ තනතුරු හිස්ය.ඒ වෙනුවෙන් අයදුම්පත්‍ර කැඳව ඇති නමුත් ඉදිරිපත් වන්නෙකු ද නැති තරම්ය.රොහාන්මය අනුග්‍රාහක ආශිර්වාදයේ දෑත ද රොෂාන්මය අනුගාහයන්ට ඉඩ දීම පිණිස හැකිලී ඇත.එහෙත් කිසිඳු කෙනෙකු පැමිණ නැත.දැන් අනුගාහකයන් ද නිලධාරීන් ද නැති බැඩිමින්ටන් ක්‍රීඩාවක හිස් පුටු ගොඩක් වට කර ගෙන රොෂාන් ගුණවර්ධන හුදෙකලා වී ඇත.
වඩාත්ම කණගාටුදායක තත්ත්වය ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපයේ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලි ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නම එකතු කරගෙන සංවිධානය කළ ප්‍රවීනයන්ගේ තරගාවලිය සහ බැඩිමින්ටන් සූරතාවලිය ඉදිරියට පවත්වා නොගියොත්,ශ්‍රී ලංකාවේ දහස් ගණනක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත් විය හැකි නරක ඉරණමය.මේ ගැන නිල වශයෙන් සාකච්ඡායක් කරගෙන යන්නට ජාත්‍යන්තර දැණුමක් සහ අවබෝධයක් ඇති ලේකම්වරයෙකු පවා මේ වන විට ශ්‍රී ලංකා බැඩිමින්ටන්වලට නැත.එම තනතුරු හිස්ය.තනතුරු බොහෝ ප්‍රමාණයක් හිස්ව පවතින මේට්ලන්ඩ් පෙදෙසේ හුදෙකලාව සිටින රොෂාන් ගුණවර්ධනටත් වඩා මේ මොහොතේ බැඩිමින්ටන් ක්‍රීඩාවට පිළිසරණක් අවශ්‍යයව ඇත.
රෙෂාන් ගුණවර්ධන පවසා ඇති ආකාරයට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු සමඟ පැවති පරිපාලන නායකත්වයට වඩා හිතවත්ය.ඒ හිතවත්කම මත අමාත්‍යවරයා මැදිහත්ව ක්‍රීඩා පණතේ ප්‍රකාරව රොෂාන්ට උපකාර කළ හැකි මඟක් සෙවිය යුතුව ඇත.මේ වන විට විශාල පුටු ප්‍රමාණයකට අදාළ තනතුරු හිස්ව ඇත්තේ රොෂාන් සම්බන්ධ අර්බූදයක් නිසා ද නැද්ද යන්න පළමුව විසදා ගත යුතුව ඇත.කේෂ්ත්‍රයට සම්බන්ධ අය නො‘එන්නේනම් රොෂාන් ගුණවර්ධන පවසන ආකාරයට ඔහුට ගෙන ආ හැකි සුපිරි අනුග්‍රාහකයන් සමඟ පෙරට යන්නට මේ අවස්ථාවේ දි අමාත්‍යවරයා මැදිහත් ව අතුරු කමිටුවක් හෝ පත් කර,රොෂාන් පවසන මිත්‍රත්වය ඇත්නම් බැඩිමින්වලට මෙන්ම රොෂාන්ට ද උපකාර කළ යුතුය.දෙන්නාම ගාල්ලේ නිසා සමහර විට රොෂාන් පවසන කාරණාවන් ඇත්ත විය හැකිය.ඒත් රටට ඇත්ත විය යුත්තේ පැවති සුවිශේෂී බැඩිමින්නේ පසුබිම නැවත ස්ථාපිත විමය.රොෂාන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයා ද ඒ සඳහා කළ හැකි මැදිහත්වීම කිරීමට පමා නොවිය යුතුය.ඒ ප්‍රමාදය විසින් ඇති කරන දුර ජාත්‍යන්තර සහ දේශිය බැඩිමින්ටන් ක්‍රීඩාව අතර ඇති කරන පරතරය පියවීම පහසු නැත.
ඡායාරූපයේ ඇත්තේ රොහාන්ගෙන් රොෂාන්ට බැඩිමින්ටන් සභාපති ධූරය භාර වුණ මොහොතය.


