අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඒ, ආපදා තත්ත්වයන්හිදී භාවිතා කිරීම සඳහා බව වාර්තා වේ.

TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙලිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මෙම හෙලිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරයි. මෙහිදී ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවන්හිදී, පුද්ගල සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර්වල ඇති අත්‍යවශ්‍ය භූමිකාවද තානාපතිවරිය විසින් අවධාරණය කර ඇත.

මෙම හෙලිකොප්ටර් 10 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමෙන්, එහි හෙලිකොප්ටර් බලඝනය ශක්තිමත් කරමින්, නියමු පුහුණුව වර්ධනය කිරීම සහ වඩා කාර්යක්ෂම ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සිදු කිරීමට මෙය දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...