ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය දැඩි ලෙස අවප්‍රමාණ වීම හේතුවෙන් දෙසැම්බර් මස 28 වන දින ඇරඹි විරෝධතා මෙවන විට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කර දිවංගත ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි හට ආණ්ඩු බලය ලබා දීම දක්වා වර්ධනය වී ඇත.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි බලධාරීන් වේගයෙන් වර්ධනය වන විරෝධතා ව්‍යාපාරයක් හමුවේ පසුබට නොවන බවට ප්‍රතිඥා දී ඇති අතර විරෝධතාකරුවන් ‘විනාශකාරීන්’ සහ ‘කඩාකප්පල්කාරීන්’ ලෙස හඳුන්වා විරෝධතා ඇති කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනා කර ඇත.

මේ වන විට රට තුළ අන්තර්ජාල තහනමක් පනවා ඇති හෙයින් ඉරානයෙන් ලැබෙන තොරතුරු සීමාසහිත වන අතර විරෝධතා හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තවත් 2,270 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ඉරාන අධිකරණ ප්‍රධානී ගොලම්හොසේන් මොහ්සේනි එජෙයි පැවසුවේ විරෝධතාකරුවන්ට ඇති ප්‍රතිවිපාක “තීරණාත්මක, උපරිම සහ කිසිදු නීතිමය සහනයක් නොමැතිව” වනු ඇති බව ප්‍රකාශ කර ඇති අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානියේ නායකයින් සඳහන් කර තිබුණේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙස සහ ඉරානයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසයි ඉරානයට සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...