“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW :

ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ, දෙහිවල මුහුදු පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නමැති, “සනා මාමා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බවත්, සිද්ධිය සිදුවන අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “චූවා සමන්ත” නමැත්තාගේ සමීපතමයෙකු බවද තොරතුරු හෙළි වී ඇති අතර,පොලීසිය සඳහන් කළේ, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බඩෝවිට අසංක” සහ “චූවා සමන්ත” අතර දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් විරසකයක් පැවති බව විමර්ශන වලදී හෙලිවී ඇති බවයි. පොලීසිය සැක පළ කරන්නේ, බඩෝවිට අසංකගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට වන අතර, ඝාතනයට ලක්වූ ඒ.ඩී. සනත් හෙවත් “සනා මාමා” නමැත්තාට මෙයට පෙර කිසිදු ජීවිත තර්ජනයක් ලැබී නොතිබූ බවයි. ඒ අනුව, දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...