ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා වන්ට අනුව එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහර දීම සඳහා හමුදා විකල්ප ලබා දී ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ඉරානයේ මුදල් ඒකකය අවප්‍රමාණ වීමත් එරට ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු පාලනයට අභියෝග කරමින් රට පුරා පැවති විරෝධතාවන්ට සිය සමාජ මාධ්‍ය හරහා එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය සහයෝගය පළකර කරමින් “ඉරානය නිදහස දෙස බලන බවත්, සමහර විට කවදාවත් නොවූ විරූ ලෙස. ඇමරිකා එක්සත් ජනපදය උදව් කිරීමට සූදානම්!!!”බවත් ප්‍රකාශ කර ඇත.

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 116 ක් මියගොස් අතර තවත් 2,600 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇත.

මේවන විට ඉරානයේ අන්තර්ජාලය ක්‍රියා විරහිත වීම සහ දුරකථන මාර්ග කපා හැරීමත් සමඟ, විදේශයන්ගෙන් පැමිණි සිමා කර ඇති බැවින් තොරතුරු වාර්තා වීම සිමා සහිත වී ඇති බව එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජනපද අනතුරු ඇඟවීම් නොතකා, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අණ පරිදි ඉරානයේ නීතිපති මොහොමඩ් මොවහෙඩි අසාද් විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවටත්, මරණ දඬුවම නියම කරන බවත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...