ගෑස් සහ ඛණිජ තෙල් මිල ඉහළ යාමෙන් ඇරඹුණු කසාක්ස්ථාන නොසන්සුන්තාවයට රුසියාව මැදිහත් වෙයි

Date:

දින කිහිපයක පටන් කසාක්ස්ථානයේ ඇති වී තිබෙන හදිසි තත්වය සමනය කිරීම සඳහා රුසියානු හමුදාව මැදිහත් වෙමින් තිබේ.නවතම වාර්තාවලට අනුව රුසියානු ගුවන් හමුදා භට ඛණ්ඩ ‘සාම සාධක මෙහෙයුමක්’ සඳහා කසාකස්ථානයට පැමිණ ඇත.

මේ දක්වා රට තුළ ඇති වූ ගැටුම්වලින් ආරක්ෂක අංශයේ 18 දෙනෙකු මරණයට පත් ව ඇති අතර, සිය ගණනක් දෙනා තුවාළ ලබා සිටිති.

2000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියා බහුල කේන්ද්‍රස්ථානය ලෙස පවතින්නේ කසාක්ස්ථානයේ Almaty නගරයයි. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි නගරාධිපතිවරයාගේ කාර්යාල ගොඩනැගිල්ල ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කර තිබූ ආකාරයයි.

කසාක්ස්ථානයේ හදිසි තත්වය ඇති වූයේ පෙට්‍රෝලියම් ගෑස් සඳහා පැවති උපරිම මිල ඉවත් කිරීමත් සමගිනි. මිල පාලනය ඉවත් කිරීමත් සමග ඛණිජ තෙල් නිෂ්පාදනය කරන බටහිරදිග මනිගිස්ටායු පළාත තුළින් සිවිල් විරෝධතා පැන නැගිනි. ඉන්ධන මිල දෙගුණයක් දක්වා ඉහළ යාමට බලධාරීන්ගේ මෙම තීරණය හේතු විය.

උපරිම පාලන මිල ඉවත් කිරීමේ තීරණය ජනපතිවරයා විසින් විගස හකුළා ගත්තත් නොසන්සුන්තාවය දිගින් දිගටම වර්ධනය විය.

කසාක්ස්ථාන ජනපති Kassym-Jomart Tokayev පවසන්නේ විදේශ පුහුණුව ලත් මැර කල්ලි විසින් මෙම සිවිල් අසහනයට පණ පොවන බවයි. රුසියානු සාම සාධක හමුදාව එහි ගෙන්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

මේ වන විට කසාක්ස්ථාන ආණ්ඩුව ද ඉල්ලා අස්වී ඇති අතර, මෙය සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව කසාක්ස්ථානය මුහුණ දෙන විශාලතම දේශපාලන අස්ථාවරත්වය ද වේ.

සති දෙකක කාලයක් සඳහා මේ වන විට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඇඳිරි නීතිය ද පනවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cinnamon Life at City of Dreams සමඟ What’s Your Colombo?

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා නිර්මාණ...

එප්පාවල හෙරොයින් ජාවාරම : මාලිමා මන්ත්‍රිනියගේ සැමියාව රඳවාගෙන ප්‍රශ්න කරයි

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක්...

ලෝකයේ බලගතු කාන්තාවන් අතර ගෝලීය සම්මානලාභිනියක් ලෙස පිළිගැනීමට ලක් වූ Sarrah Sammoon..

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යවසායිකාවක් සහ ගෝලීය...

47 වැනි වාර්ෂික සත් සාමාජික වෙළෙඳ සේවා හොකී තරගාවලිය මෙම මස 9 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

නිශ්මං රණසිංහ නොවැම්බර් 06,  කොළඹ LNW: වසර 1957දී ආරම්භ කරනු ලැබූ...