වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW:

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ඉතිහාසයේ කඩුලු 150 ක් දවා ගත් පස්වැන්නා වෙමින් ද,ශ්‍රී ලංකාවේ පළමුවැන්නා වෙමින් ද පකිස්තානයට එරෙහිව ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගත් වනිඳු හසරංග පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 1-1 ක් ලෙස සම කරන්නට මූලික වුණා.එසේම එම ජයග්‍රහණයේ වීරයා පමණක් නොව තරගාවලියේම වීරයා වන්නටත් වනිඳු සමත් වුණා.
වැස්ස විසින් ආරම්භය පමා කළ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට අහිමි වුණත්,වැස්ස විසින් පන්දු යැවීමට පෙළඹ වූ පකිස්තානු පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් බලාපොරොත්තු රහිත තර්ජනයක් එල්ල කරනු ලැබුවා.පන්දු ඕවර් 12 ට සීමා තරගයේ ශ්‍රී ලංකාවට නියමිත පන්දු වාර 12 නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු ලකුණු 160 ක් ලෙස සටහන්ව තිබුණා.


කලෙකට පසු පිති ලෙල වූ ශ්‍රී ලංකා පිතිකරු රෑන අතරින් වඩාත් විශ්වාසවන්තයා වූ පැතුම් නිශ්ශංක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වෙද්දී උද්දාමයට පත් වූ පකිස්තානු පන්දු යවන්නන්ට, ඉනික්බිති පිටියට පිවිසි පිතිකරුවන් ඒ උද්දාමය පවත්වාගෙන යාමට ඉඩ ලබා දුන්නේ නැහැ.එක පන්දුවකට පමණක් මුහුණ දී නොදැවී එක ලකුණක් ලබා ගත් වනිඳු හසරංග හැරෙන්නට අන් සියළුම පිතිතරුවන් ලකුණු 20 ට වඩා රැස් කරනු ලැබුවා.නායක දසුන් ශානක ලකුණු 34 ක් ද,කුසල් මෙණ්ඩිස් ලකුණු 30 ක් ද රැස් කර ගනිමින් ඒ අතර සිටි වැඩිම ලකුණුලාභීන් වුණා.


ශ්‍රී ලංකා ඉණිමේ අවසාන භාගය මිසයිල ප්‍රහාරයක් බඳු වූවා.හයේ පහර 5 ක් සමඟ පන්දු 9 න් ලකුණු 34 ක් රැස් කර ගත් දසුන් මෙන්ම පන්දු 8 දී නොදැවී ලකුණු 22 ක් රැස් කළ ජනිත් ලියනගේ හයවන කඩුල්ලට පන්දු 15 දී ලකුණු 52 ක් එක් කරමින් කැපී පෙණුනා.
ලකුණු 161 ක් පන්දු වාර 12 දී පහසු ඉලක්කයක් නොවුණත් ජයග්‍රහණය වෙනුවෙන් එය කළ යුතුවම තිබුණ පකිස්තානය ඒ සඳහා මහත් උත්සාහයක් ගනු ලැබුවා.පළමු තරගයේදී පකිස්තානය වෙනුවෙන් ජය පලස එලන ලද සහීබ්ෂාඩා ෆර්හාන්ට මේ තරගයේදි එම දස්කම්වලට අවස්ථාවක් නොඳුන් ඒෂාන් මාලිංග තමන්ව කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් සාධාරණය ඔප්පු කර පෙන්වමින් ඔහුව ලකුණු 9 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කරනු ලැබුවා.

විශේෂයෙන් ඒෂාන් මාලිංග තමන්ව කණ්ඩායම කැඳවීමට සුදුස්සෙක් බව පැහැදිළි කළේ එම කඩුල්ලෙන් පමණක් නොවේ.රැකගත් අනර්ඝ උඩ පන්දු තුනක් ද සමඟින් ඊට සාක්ෂි සපයන්නට මාලිංග සමත්වෙනවා.එසේම කලකට පසුව කණ්ඩායමේ ස්ථානයක් වෙන් වූ මතීශ පතිරණ ද ලකුණු 34 ට කඩුලු 2 ක් ලබා ගන්නවා. ප්‍රහාරයන් දියත් කළත්,පකිස්තානයට දරා ගන්න අපහසු අන්දමට වනිඳු විසින් කළ කඩුලු උඳුරා ගැනීම නිසා පකිස්තානයට පන්දු ඕවර් 12 නිමාවේ කඩුලු 8 ක් දැවී ලබා ගන්නට වන්නේ ලකුණු 148 ක් පමණයි.
පකිස්තානය වෙනුවෙන් සටන්කාමී සහ නායකත්වයේ වගකීම සුරැකි ඉණිමක් දියත් කළ සල්මාන් අගා පන්දු 12 න් හයේ පහර 3 ක් හතරේ පහර 5 ක් සමඟ ලකුණු 45 ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවලට අනතුරු හඟවමින්.ඔහු මෙන්ම මොහොමඩ් නවාස් ලකුණු 28 ක් ද,පළමු විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ කවාජා නෆේ ලකුණු 26 ක් ලැබුවත් පකිස්තානයට යා හැකි දුර ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 160 ට ලකණු 12 ක් මෙපිටින් නවතා ගන්නට වුණා.
පහතින් තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
https://bit.ly/4qgUusJ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...