Wang Yi දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW :

අද (12) අලුයම චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය Wang Yi දිවයිනට පැමිණි අතර, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුර අද අලුයම  01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.

ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු  පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...