Wang Yi දිවයිනට!

0
449

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW :

අද (12) අලුයම චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය Wang Yi දිවයිනට පැමිණි අතර, චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුර අද අලුයම  01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.

ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු  පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.