*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ඇමතිවරයා දිනා ක්‍රීඩකයින් පරාද ද? වොයිස් කට් දෙගුරුන්ටත් හිතන්න ඉඩක්

ක්‍රීඩා අමාත්‍යංශය,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ විශේෂයෙන් මලල ක්‍රීඩා සංගමය නිසි අවධානය යොමු කිරීම නිසා අවාසන මොහොත දක්වා ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ට පිටත්වීමට නොලැබිණි.තරග කාල සටහන අනුව ක්‍රීඩා අමාත්‍යවරයා මේ සඳහා මැදිහත් වන විට තරගාවලියට ගිය ද යම් යම් තරග ඉසව් අත හැරෙන්නට හැකි ඉඩක් ද දකින්නට තිබිණ.සහභාගි වුව ද දින ගණනක් දෙමව්පියන් ද සමඟ ටොරිංටන් තැප සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග වදින්න හොඳ මානසික තත්ත්වයක්ද ශරීර සෞඛ්‍යයක්ද තිබීය හැකි යැයි සිතීම දුෂ්කරය.එසේම මේ වන විටත් මේ ප්‍රමාදය නිසා මේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ අනුග්‍රහයට ලක් වූ සුවිශේෂිම ක්‍රීඩක දෙපළට තමන්ගේ හොඳම දක්ෂතා ඇති තරග අහිමි වි අවසන්ය.

රජයේ සියලු වැර රැගෙන මේ පිරිස ගුවන් ගත කිරීමට අමාත්‍යවරයා වැඩ කළත් ඒ වන විට තිබුණු සහභාගීත්වයේ අවිනිශ්චිත තත්ත්වය පැහැදිළි වෙමින් තරගයේ ආරම්භක දින්යේ (අගෝස්තු 1) තරග වැදීමට නියමිතව සිටි දුර පැනීමේ ක්‍රීඩක හිරූෂ හෂේන්ට එම අවස්ථාව මඟ හැරිණි.එසේම තරගාවලියට සහභාගි වීමේ බලාපොරොත්තු අත හැර ගන්නට වීම නිසා තරුෂි කරුණාරත්නට ගුවන් යානයට ඒම ප්‍රමාදවිම නිසා ද අද මීටර් 800 තරගයට ඉදිරිපත් විමට නොහැකි විය.ඔවුන් දෙදෙනා මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහබාගි වූ ක්‍රිඩකයින් අතරින් ජාත්‍යන්තර මව් සංගමයේ අනුග්‍රහය ලැබූ දෙදෙනාය.තරුෂි කරුණාරත්නට ද නියෝජනය තරන්න නොහැකි වූ මීටර් 800 ඉසව්ව ඇය වැඩි දක්ෂතා දක්වන ජාතික මට්ටමේද ජයග්‍රහණ අතර රැඳෙන ඉසව්වකි.පදක්කමක් ගැන සිතන්නට හැකියාව තිබුණ ද තව දුරටත් පහතට බැස හිතුවද තරුෂි අනිවාර්යෙන් මෙහි අවසාන වටයට පැමිණීමට ඉඩ තිබුණු බව සිතිය හැකි ඉසව්වකි.හිරුෂ හෂේන් ද දුර පැනීමට ඉදිරිපත් වූවා නම් අවසාන තරගය දක්වා සුදුසුකම් ලබන්නට විශාල ඉඩක් තිබුණු ක්‍රීඩකයෙක්ය.මේ තත්ත්වය නිසා ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම දෙමව්පියන්ගෙන් ඔහු සම්බන්ධව ලැබුණු ප්‍රශස්ති වොයිස් කට් චරිත සහතිකවලින් ඔබ්බට ප්‍රතිපලයක් නැති දෙයක් වීමට ද ඉඩ තිබිම කණගාටුදායකය.

ඊයේ (අගෝස්තු 01) පස්වරුවේ පැවති තරග කාල සටහනට අනුව ශ්‍රි ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි පළමු ක්‍රීඩකයා වන්නට කවීශ බණ්ඩාරට හැකි විය.මීටර් 110 කඩුලු තරගයට ඉදිරිපත් වූ කවිශ ඔහුගේ හොඳම කාලය වන තත්පර 14.02 සඳහා පිවිසීමට අපොහොසත් වුව තත්පර 14.18 ට තරගය නිමා කිරීමට සමත් විය.ඒ එම තරගයේ හයවැන්නා හැටියටය.අතිශයින් දුෂ්කර තාක්ෂණික ඉසව්වක් වන එම ඉසව්වට දැඩි ගමන් වෙහෙසද නොතකා ඉදිරිපත් වෙමින් සහ තරගයේ ආරම්භක ප්‍රතික්‍රියාවන් සසඳද්දී ඊට සාපේක්ෂව තත්පර 0.186 ක ප්‍රතික්‍රියාවක් ලබන්නට හැකි වීම ද අගය කළ යුතුය.කවීශ තරගයට ඉදිරිපත් වූ 45 දෙනෙක් අතරින් 33 වන තැන විය.

අද (අගෝස්තු 02) හිරුෂට දවසක් පසු වි ගිය කණ්ඩායමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තරුෂිට මීටර් 400 තරගය තිබෙන අතර ඇයට තරගයට ඉදිරිපත් වෙන්නට අවස්ථාව හිමි වී ඊ ළඟ වටයට පිවිසියහොත් අවසාන පූර්ව සහ අවසාන තරග ඉදිරි දින දෙකකදී පැවත්වෙන්නට නියමිත බැවින් තරුෂිට යම් උත්සාහයක් ගැනීමට හැකි වනු ඇත.ඇය එහි තෙවන මූලික තරගයට සහභාගි වේ.එසේම කාන්තා මීටර් 400 කඩුලු තරගයට ඉදිරිපත් වන අමේශා හෙට්ටිආරච්චිද අද තරගයට පිවිසෙන අතර ඇය එහි පස්වන මූලික තරගය නියෝජනය කරයි.දිනෙන් දින දක්ෂතාවලින් වැඩෙමින් සිටින අමේශා ද දරන්නට වූ කායික හා මානසික වෙහෙසට අභියෝග කරමින් මේ තරගයේදී හොඳම කාලය අතරට පිවිසෙන්නට සමත් වුවහොත් එය රටේ ක්‍රීඩාවේ යහපතට හේතුවකි.
මීටර් 400 කඩුලු ඉසව්වට සහභාගි වන කේඩීඑම් දර්ශන මේ මොහොතෙ ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ පළමු තැන සිටින ක්‍රීඩකයාය.ඔහු තරග වඳින්නේ අගෝස්තු 4 වන දිනය.එදිනම තුන් පිම්ම ඉසව්වෙන් පසිදු මල්ෂාන් ද හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග ද තරග බිමට පිවිසීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ සිඳුවීම ගැන අවසාන මොහොත දක්වා නොදැනුවත්ව සිටීම කණගාටුදායක තත්ත්වයකි.එසේ වූවා නම් මේ සිඳුවීම මීට වඩා වෙනස් වන්නට තිබිණ.මේ ආකාරයටම ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වූ යුපුන් අබේකෝන් සහ ඔහුගේ පුහුණුකරුද විසා ලබා ගැනීමට රටේ මැදිහත්වීම ගැන විවේචනය කර තිබියදී අමාත්‍යවරයා එයවත් නොදැන සිටියානම්, ඒ ඔහු වෙත තොරතුරු ගලා ඒමේ දුර්වලතාවයක ප්‍රතිපලයකි. එය එසේ නොවුණානම් විශාල ගැටළු ගණනකට මුහුණ දී,කණ්ඩායමේ සිටි හොඳම ක්‍රීඩක දෙපළට සිය ඉසව් ද අහිමි වූ මේ සංචාරයෙන් ඇමතිවරයා මව්පියවරු හරහා ප්‍රචාරයක් ලබා ගැනීමට ඔවුන්ගෙන් ස්තූතිය ලබා ගැනීම මීට වඩා අර්ථවත් වන්නට තිබිණි.ක්‍රීඩකයන්ගේ දෙමව්පියන්ද ඉතාමත් අසීරු අඩියකට පත්වී දරුවන් සහ තමන් විඳි ගැටළුවේ අවසාන ප්‍රතිපලය අවිනිශ්චිතව තිබියදී අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශස්ති ගැයීමට නොයා සිටියානම් වැදගත්ය.එහි අවසාන ප්‍රතිපලය දරුවා පරාජය වී අමාත්‍යවරයා ජයග්‍රහණය කර තිබීමය.රටේ බොහෝ දෙමව්පියන් ඉතිහාසයේ සිටම දේශපාලකයන් දිනවා දරුවන් පරාජය කර ඇති බවට රටේම හඬක් වී පවසන පරිසරයක නැවතත් ඒ දේ ම සිඳුවීම මේ සංචාරය සම්බන්ධයෙන්ද ඇතැම් දෙමව්පියන් විසින් ප්‍රදර්ශනය කිරීම කණගාටුදායකය.

ඒ ආකාරයට LNW වෙත ලැබුණු දෙමව්පිය අදහස් දැක්විම් තුනක් මෙහි පළ කරන්නෙමු.කෙසේ වුව පමා වී හෝ ක්‍රිඩා අමාත්‍යවරයාගේ මැදිහත් විම අගය කරන අතර ඒ මොහොතේ කි ආකාරයට නිලධාරින් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේදැයි අපි විමසිල්ලෙන් සිටිමු.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සමඟ වැඩ කිරිමේදී මීට වඩා අවදියෙන් සිටිය යුතු බවත් මෙරට ක්‍රීඩා අමාත්‍යංශයේ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිට ක්‍රීඩා සංගම්,සම්මේලන දක්වාම ක්‍රීඩාව පාලනය කරන අය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙස බලන්නේ තමන් දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිය යුතු පිරිසක් දෙස බලන ආකාරයෙන් බවත් ක්‍රීඩා අමාත්‍යවරයාට නැවතත් සිහි කරන්නට කැමත්තෙමු.

RM


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan