අපි රනිල්ට සහාය දුන්නේ අපේ මන්ත්‍රීවරුන්ගේ රැකවරණය පතා නෙවෙයි – පොහොට්ටුව (VIDEO)

Date:

තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ ඒ මහතාගේ අත්දැකීම් සහ පරිණතභාවය නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

“ඇයි අපි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළකරන්න තීන්දුවක් ගන්නෙ ? බර්මියුඩා ත්‍රිකෝණය ළඟදි නැවක් ආධුනික කපිතාන්වරයකුට පවරන්න බෑ. ඒ නිසා මේ අත්දැකීම් සහ පරිණතභාවය, දේශපාලනිකව ඔහු සතුව තිබෙන පරිචය අප නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගත්තා. මොකද, සමහරුන් මේ කාරණාව යම් යම් පුද්ගලයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැකවරණය වෙනුවෙන් ගත්ත හුදු පෞද්ගලික තීරණයක් විදියට ලඝු කරන්න උත්සාහ කරනවා. මම ඉතාම පැහැදිලිව අවංකව කියන්න කැමතියි මන්ත්‍රීවරුන් විදියට අපවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් විදියටවත් ගරු ජනාධිපතිතුමන්ගෙන් කිසිදු පෞද්ගලික රැකවරණයක් අපේක්ෂා කරන්නේ නෑ”

සංජීව එදිරිමාන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...