ජනාධිපති කාර්යාලයට මුලින්ම කඩාවැදුණැයි අයෙක් අත්අඩංගුවට. තවත් රැසක් හඳුනාගෙන

Date:

ජුලි 09 වනදා පැවති අරගලයේදී කොළඹ, ජනාධිපති කාර්යාල පරිශ්‍රයට මුලින්ම බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයා වශයෙන් හඳුනාගත් අයෙකු ඊයේ (01) පස්වරුවේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මොහු එදින ඉතාම ආවේගශීලී ලෙස හැසිරෙමින් ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ඔහුගේ හැසිරීමෙන් නොසන්සුන් වූ සෙසු පිරිස ද එක්වරම බලහත්කාරයෙන් එහි කඩාවැදුණු බවත් පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු තවත් පුද්ගලයින් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් ද ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...