ජනාධිපති කාර්යාලයට මුලින්ම කඩාවැදුණැයි අයෙක් අත්අඩංගුවට. තවත් රැසක් හඳුනාගෙන

Date:

ජුලි 09 වනදා පැවති අරගලයේදී කොළඹ, ජනාධිපති කාර්යාල පරිශ්‍රයට මුලින්ම බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයා වශයෙන් හඳුනාගත් අයෙකු ඊයේ (01) පස්වරුවේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මොහු එදින ඉතාම ආවේගශීලී ලෙස හැසිරෙමින් ජනාධිපති කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර ඔහුගේ හැසිරීමෙන් නොසන්සුන් වූ සෙසු පිරිස ද එක්වරම බලහත්කාරයෙන් එහි කඩාවැදුණු බවත් පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු තවත් පුද්ගලයින් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් ද ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...