අරගලකරුවන්ට කන්න දෙන එකත් අපරාධයක්ද ? – සුපිරි හෝටලයක් ගැන විමර්ශන

Date:

කොළඹ ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය සඳහා ආහාර සැපයූ කොළඹ තරු පංතියේ හෝටලයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

නිර්පාක්ෂික අරගලය ආරම්භ වූ දිනවල සිට මෑතක් වනතුරුම මෙම හෝටලයෙන් දිනපතා කෑම පාර්සල් 500 කට වැඩි ප්‍රමාණයක් අරගල භූමිය වෙත ලබා දී තිබේ. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින, අරගලයේ නියුතු පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත මේ බව අනාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

මෙම කෑම පාර්සල් නොමිලේ ලබා දුන්නේද, එසේ නැතහොත් වෙනත් සංවිධානයක් මගින් ඊට අදාල ගෙවීම් සිදුකර තිබෙන්නේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම මෙම විමර්ශනවල අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අරගලයට සම්බන්ධ පුද්ගලයන් රැසක් විවිධ චෝදනා අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...