ධම්මික පෙරේරා නැවතත් කැබිනට් මණ්ඩලයට ?

Date:

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා නුදුරේදීම නැවතත් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මෙවර ඒ මහතා ආර්ථික විෂයයටම සම්බන්ධ වෙනත් ප්‍රබල අමාත්‍ය ධුරයකට පත්කෙරෙනු ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා හුදු සංකල්ප පත්‍රිකාවලින් ඔබ්බට යමින් ක්‍රියාකාරී සැලසුමක් (Action plan) සහිතව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ ධම්මික පෙරේරා මහතා පමණක් නිසා ඒ මහතාට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇති අතර එම යෝජනාවට ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතා පසුගිය මාසයේදී ඉතාම සීමිත දින ගණනක් පමණක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය දැරූ නමුත් එම කෙටි කාලසීමාව තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට සමත් වූ අතර එය රටේ ජනතාව අතරත් ප්‍රසාදයට පාත්‍ර වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...