ධම්මික පෙරේරා නැවතත් කැබිනට් මණ්ඩලයට ?

Date:

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා නුදුරේදීම නැවතත් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මෙවර ඒ මහතා ආර්ථික විෂයයටම සම්බන්ධ වෙනත් ප්‍රබල අමාත්‍ය ධුරයකට පත්කෙරෙනු ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා හුදු සංකල්ප පත්‍රිකාවලින් ඔබ්බට යමින් ක්‍රියාකාරී සැලසුමක් (Action plan) සහිතව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත්තේ ධම්මික පෙරේරා මහතා පමණක් නිසා ඒ මහතාට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇති අතර එම යෝජනාවට ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ධම්මික පෙරේරා මහතා පසුගිය මාසයේදී ඉතාම සීමිත දින ගණනක් පමණක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය දැරූ නමුත් එම කෙටි කාලසීමාව තුළ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කිරීමට සමත් වූ අතර එය රටේ ජනතාව අතරත් ප්‍රසාදයට පාත්‍ර වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...