සහන පැකේජය හේතුවෙන් උද්ධමනය තවත් ඉහල යෑම අනිවාර්යයි – ඩිව් ගුණසේකර

Date:

රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම ඇතුළු මුදල් ඇමතිවරයාගේ සහන පැකේජය ආර්ථික ක්‍රියාමාර්ගයකට වඩා දේශපාලන තීරණයක් යැයි පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා පවසනවා.

සහන පැකේජය ලබාදීම සඳහා රුපියල් බිලියන 229 ක් අවශ්‍ය බවත්, එම මුදල් සපයා ගැනීම මුදල් අච්චු ගැසීම හරහා සිදුවන්නේ නම් වැළැක්විය නොහැකි ලෙස උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවත් කොමියුනිස්ට් නායකයා සඳහන් කරනවා. සහන පැකේජය මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ කළේ නම් කිසිදු ආකාරයකින් උද්ධමනය ඉහළ නොයනු ඇති බවත් ගුණසේකර මහතා පෙන්වා දෙනවා.

ඉතිහාසයේ කිසිදු කලෙක මෙතරම් ඩොලර් අර්බුදයකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදු නොවූ බව පෙන්වා දෙන ඩිව් ගුණසේකර මහතා පවසන්නේ මුදල් අච්චු ගසනවා නම් එය සිදුකළ යුත්තේ උද්ධමනය ඉහළ නොයන ආකාරයෙන් බවයි. උද්ධමනය ඉහළ යන්නේ නම් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවල කිසිදු වටිනාකමක් නොමැති බවද ඔහු අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...