අධික වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ග රැසක් අවහිර වෙයි

0
495

පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ග රැසක් අද (03) නායයාම්වවලට ලක්ව පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරව පැවැතිණි.

නුවරඑළිය- හැටන් මාර්ගය බ්ලැක්ෆුල්, සෙන්ට්ක්ලෙයාර්, කොටගල යන ප්‍රදේශවලින්ද, හපුගස්තලාව- නාවලපිටිය මාර්ගය හපුගස්තලාව ප්‍රදේශයෙන්ද, තලවකැලේ- නාවලපිටිය මාර්ගය කෙළි වත්ත, කඩියන්ලෙන යන ප්‍රදේශවලින්ද මෙසේ අවහිරව වී තිබේ.

මෙම මාර්ගවලට වැටී ඇති පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් එම මාර්ග භාවිතා කිරීමේදී රියදුරන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.

දැනට මෙම මාර්ගවල රථ වාහන ධාවන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.


-ක්‍රිෂාන්තන්-