අධික වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ග රැසක් අවහිර වෙයි

Date:

පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ග රැසක් අද (03) නායයාම්වවලට ලක්ව පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිරව පැවැතිණි.

නුවරඑළිය- හැටන් මාර්ගය බ්ලැක්ෆුල්, සෙන්ට්ක්ලෙයාර්, කොටගල යන ප්‍රදේශවලින්ද, හපුගස්තලාව- නාවලපිටිය මාර්ගය හපුගස්තලාව ප්‍රදේශයෙන්ද, තලවකැලේ- නාවලපිටිය මාර්ගය කෙළි වත්ත, කඩියන්ලෙන යන ප්‍රදේශවලින්ද මෙසේ අවහිරව වී තිබේ.

මෙම මාර්ගවලට වැටී ඇති පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් එම මාර්ග භාවිතා කිරීමේදී රියදුරන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටිති.

දැනට මෙම මාර්ගවල රථ වාහන ධාවන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.


-ක්‍රිෂාන්තන්-

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...