සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට ඊසානදිග උබොන් රට්චාතානි පළාත දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන විට දුම්රියේ මගීන් 171 දෙනෙකු පමණ සිට ඇති අතර තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවය නිවේදනය කර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, දොඹකරයට වගකිව යුතු ඉදිකිරීම් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.
තායිලන්තය මාරාන්තික ඉදිකිරීම් අනතුරු වලට ආගන්තුක රටක් නොවන අතර, ආරක්ෂක ප්‍රමිතීන් සහ රෙගුලාසි දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වසරකට විශාල අනතුරු ප්‍රමාණයක් සිදු වන රටකි.

