නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:
දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු තරගාවලියේ කාන්තා අංශයේ දෙවන තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය ඉදිරියේ ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් වුණා.නේපාල කණ්ඩායමේ ප්‍රබලතාවය මැඩ සමව තරගය නිමා කරන්නට සමත්වීමෙන් ලද විශ්වාසයේ වැඩිකමක් නිසා දෝ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇතැම් විට මේ තරගය පමණට වඩා සරලව ගත් බවක් පෙනෙන්නට තිබුණා.

පකිස්තාන ක්‍රීඩිකාවන් සටන්කාමීව තරග වඳිමින් මේ තරගයේ පළමු ගෝලය ලබා ගැනීමට සමත් වූ අතර පළමු අර්ධයේ ඒ ගෝලය රැස් කර සුළු වේලාවකින් තර්මිකා සිවනේශ්වරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කළා.පළමු අර්ධය ඒ ආකාරයට ගෝල 1-1 ක් ලෙස ගෙවී ගිය අතර දෙවන අර්ධයේදී ද පකිස්තානය පළමුව ක්‍රියාත්මක වී ඔවුන්ගේ ගෝල සංඛ්‍යාව දෙකක් බවට පත් කර ගන්නට සමත් වුණා.

ගෝල 2-1 ක් ලෙස පකිස්තානය ඉදිරියෙන් රැදී සිටියදී ශ්‍රී ලංකා නායිකා දිල්ෂා වාද්දුවගේ තරගාවලියේ මේ දක්වා දකින්නට ලැබුණ විශිෂ්ඨතම ගෝලයක් එක් කර ගත්තේ දෙපිළේම ලකුණු සංඛ්‍යාව සම කරමින්.එහෙත් එම සම තත්ත්වය ඉක්මවා යාමට ශ්‍රී ලංකාව ගත් උත්සාහයට වඩා උවමනාවකින් පකිස්තානය දැඬිව ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිපලය වූයේ තරගයේ නිමාව ආසන්නයේ පකිස්තානය ජයග්‍රහණයට අවශ්‍යය වන තෙවන ගෝලය ලැබීමයි.
මෙම තරගාවලිය යටතේ අද ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නේපාලය හමුවීමට නියමිතයි.




