6 ශ්‍රේණිය යෝජිත නව අධ්‍යාපන මොඩියුල් ක්‍රමය කල් දාන්න එපා – දරුවන් වෙනුවෙන් නැගී සිටි දෙමාපියන්

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW :

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දෙන දෙමාපියන් 6 ශ්‍රේණිය යෝජිත නව අධ්‍යාපන මොඩියුලය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටී.

2026 – 6 වසර දරුවන්ගේ දෙමාපිය එකමුතුව ඉල්ලා සිටින්නේ, 6 ශ්‍රේණිය මොඩියුලය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව, අද (16) දින දෙමාපියන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූ අතර, මොඩියුලය අවශ්‍ය බවට ඔවුන් පෙත්සමක් ද අත්සන් තැබූ බව වාර්තා වේ.

තවද, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.