අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බැවින් ගම්පොළ – අම්බුළුවාව ජලාශ පාරේ නිවාස 05ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම දැනුම් දින සිදුකර තිබෙන අතර පසුගිය ආපදා තත්ත්වයේදී එම ප්‍රදේශය නාය යෑමට ලක්විය.

අම්බුළුවාව කන්දේ සිට ගලා ආ මඩ, ගල් සහ ගස් කඳන් වලින් නාය ගොස් තිබුණ අතර කන්දේ සිට පෙරළී තිබුණ ගල් රැසක බෝර දැමූ සලකුණු නිරීක්ෂණය වී තිබුණි.

ඒ අනුව පවතින අධිඅවදානම් තත්ත්වය මත එම කලාපය සංවර්ධන කටයුතුවලින් තොර සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ කර ඇත.

එමෙන්ම ජිනරාජ ප්‍රාථමික විද්‍යාලය, ජිනරාජ පිරිමි විද්‍යාලය සහ තවත් නිවාස 05ක් මධ්‍ය අවදානම් තත්ත්වයේ පවතින බවද ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දී තිබේ.

පවතින අවදානම් තත්ත්වය මත වර්ෂාපතන අගයන් මිලි මීටර 75ට වැඩිනම් අවධානයෙන් සිටිය යුතු බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී ඇත.

පැය 24කදී මිලිමීටර 100කට වැඩි වර්ෂාවයකදී හෝ පැයකට මිලිමීටර 75ට වැඩි වර්ෂාපතන තත්ත්වයකදී හෝ එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත්වී ආරක්ෂක ස්ථානයකට යා යුතු බවටද දැනුවත් කර ඇත.

මේ අතර මෙම නිවාසවලට පහලින් ඇති ජිනරාජ ප්‍රාථමික විද්‍යාලය සහ ජිනරාජ පිරිමි විද්‍යාලය බෑවුම් අස්ථාවරවීම මත මධ්‍ය අවදානම් තත්ත්වයේ තිබෙන බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානනයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය එම ස්ථාන දෙකටද අදාව නිකුත් කර තිබේ.

මීට පෙර කළ නිරීක්ෂණ අනුව අම්බුළුවාව කන්දේ බෑවුම් දෙකක නිවාස 18ක් අධි අවදානම් ලෙසත්, තවත් නිවාස හා ගොඩනැගිලි 18ක් මධ්‍ය අවදානම් ලෙස නම් කර තිබුණි.

එක් ප්‍රධාන පැලුම් රේඛාවක් අම්බුළුවාව ජෛවවිවිධත්ව සංකීර්ණය තුළින්ම ආරම්භ වන බවට ද නිරීක්ෂණය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...