පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්තානයේ කරච්චි නුවර සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ(17) දිනයේදී ගින්න ආසන්න වශයෙන් වෙළඳසැල් 1,200 ක් පමණ ඇති වාණිජ සංකීර්ණයක් වන ගුල් ප්ලාසා සාප්පු සංකීර්ණයේ ඇති වූ අතර පැය ගණනාවක් තිස්සේ පැවත තිබේ. ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටී ඇති අතර ගලවා ගැනීමේ කටයුතු සංකීර්ණ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ් ජීවිත හානි සම්බන්ධයෙන් ශෝකය පළ කරතිබු අතර විශේෂ නිවේදනයක් සිදු කරමින් බලපෑමට ලක් වූ වෙළඳුන්ට සහාය වීමට සහ තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අගමැති ෂරීෆ් බලධාරීන්ට නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...