”අඳුර දුරු කළ හැකි මඟ” කළු ජනවාරියේ සැමරුම සංවාද ගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW:ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන්ට තවමත් යුක්තිය ඉටු නොවූ පසුබිමක් තුළ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ විද්වතුන් සමග එක්ව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරන ‘කළු ජනවාරිය සැමරුම’ වැඩසටහන අද (19) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

‘අඳුර දුරු කළ හැකි මඟ’ තේමාව යටතේ එය සංවිධානය කර තිබුණි.

ඝාතනයට සහ අතුරුදන්කිරීමට ලක්කළ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමෙන් පසු විද්වත් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ප්‍රකාශනයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම අරමුණු කරගනිමින් එය පැවැත්විය.

සුනිල් ජයසේකර,හනා ඊබ්‍රහිම් සහ ආර්.රාම්කුමාර් යන අයද අදහස් දක්වන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...

ඔබගේ ගෙළෙහි සුවඳ විලවුන් තැවරීම අවදානම්ද ?

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : වර්තමානයේ කතාබහට ලක්වන බෙල්ලේ...