ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW:

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ කාන්තා අංශයේ තරගයකදී ශ්‍රී ලංකාව භූතාන කාන්තා කණ්ඩායම ඉදිරියේ ගෝල 5-1 ක් ලෙස අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නා.භූතානය මේ තරගාවලිය තුළ ඉහළින්ම දස්කම් දක්වමින් සිටින අපරාජිත කාන්තා කණ්ඩායමක් වුවත්,ශ්‍රී ලංකාවට මේ පරාජය මීට වඩා ගෞරවණීය තැනෙක තබා ගන්නට ඉඩ තිබුණා.


පළමු අර්ධය නිමවන විට භූතානය ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආක්‍රමණය සහ ආරක්ෂාව යන කාරණා දෙකේම සම මට්ටමක සිට භූතානයට අභියෝගයක් එල්ල කරනු ලැබුවා.එහෙත් දෙවන භාගයේදි එම සැළසුම සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යහපත් සිහියෙන් කටයුතු කරන බව දකින්නට ලැබුණේ නැහැ.එයින් ප්‍රයෝජන ලබා ගත් භූතාන ක්‍රීඩිකාවන් දෙවන අර්ධයේදී ගෝල 4 ක් රැස් කරන්නට සමත් වුණා.


භූතානය ගෝල තුනක් ලබා ගන්නා තුරු ශ්‍රී ලංකාවේ ගෝල සටහන බින්දුවේ රැඳණ අතර දෙවන අර්ධයේ තරගයේ 33 වන විනාඩියේදී තරිදි ලියනගේ ශ්‍රී ලංකාව ලබා ගත් එකම ගෝලයේ හිමිකාරිය බවට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...