පොදු ජනතාවගේ සාමකාමී විරෝධතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා – සජිත් (VIDEO)

ජනපීඩක ජන ඝාතක ක්‍රියාවලිය වහාම නතරකොට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීමේ වරප්‍රසාදය මේ රටේ ජනතාව වෙත ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

මිලේච්ඡත්වය හෝ ත්‍රස්තවාදය සමස්ත විපක්ෂය අනුමත නොකරන බවත්, පොදු ජනතාවගේ සාමකාමී විරෝධතාවයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කළයුතු බවත්, එකට එක්ව කටයුතු කළයුතු අවස්ථාවේ මර්ධනය සහ තර්ජනය තුළින් රට ගොඩනැගිය නොහැකි බවත් පැවසීය.

උණඩයෙන්, බෝම්බයෙන්, කඩුවෙන් ජනතාව මර්ධනය කළ හැකියැයි ආණ්ඩුව විශ්වාස කරන්නෙනම් එය විහිලුවක් පමණක් බව කී විපක්ෂ නායකවරයා මේ මර්ධනයට එරෙහිව ප්‍රගතිශීලී විපක්ෂය සියලු බලවේග එකට එක් කරන බවද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂයේ පක්ෂ නායකයින් ප්‍රමුඛව පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...