දඹානට ගිය ගමනෙදී
ආදි වාසීන් දැකලා
ආදි මදි යැයි කියා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා
අලි අනාථාගාරෙදී
අලි – එයාට හිනාවුණෙ නෑ කියලා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා
කෞතුකාගාරයෙදී
සංරක්ෂණය කළ වලහෙක් දැකලා
වැලහින්නක් වගෙ හඬ හඬා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා
ග්‍රහලෝකාගාරෙයෙදී
එයා කැමති තරුව අහසේ පෑයුවෙ නෑ කියා
නන්දනී වරුසවිතාන මහත්මිය
පුදුමාකාර විදිහට දුක්වුණා ………..!
රුවන් බන්දුජීව


