රනිල්ට මාස දෙකක් දීලා බලමු. එතුමාට බැරි නම් ඊළඟට අරගලයට බහින්නේ අපි – රතන හිමි (VIDEO)

Date:

රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාස දෙකක කාලයක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

“මහජනයාට මේ සහන දෙන්න පුළුවන්, ඒකට මාස දෙකයි යන්නෙ. තවමත් මේ කෙටිකාලීනව දෙන්න ඕනෙ විසඳුම හදලා නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට දැන් කාලයක් වැඩකරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එතුමා ගැන කිව්වොත් අපට එතුමා ආපු ගමන්ම ගෝ හෝම් කියන්නෙ නැතුව, රට අරාජික කරන්නෙ නැතුව අපි බලමු මාස දෙකක්. ඒ මාස දෙක ඇතුළේ එතුමා ඒ වැඩේ හරියට කරන්නෙ නැත්නම්, එතුමාට කරන්න බැරි නම් අපේ රට අපට ඕනෙ, අපේ රට අපි ගොඩනගන්න ඕනෙ, දරුවන් ඉස්කෝලෙ යන්න ඕනෙ, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික තියෙන්න ඕනෙ. ඔහුට කරන්න බැරි නම් මේ රට අපේ දෝතට ගන්න ඕනෙ. මහජන අරගලයට ඉන් පස්සෙ එකතුවෙන්නෙ අපි”

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...