ගෝඨාභයට ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරිකමක් තිබුණා. ගෙදරට ගැහුවත් තින්දුවක් ගත්තෙ නෑ – රෝහිත

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට බැරිකමක් තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි විසින් අපේ පක්ෂයෙන් ගෙනාපු ජනාධිපතිතුමා. එතුමාට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න යම් බැරිකමක් තිබුණා. මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා නම් එතුමා තවම ජනාධිපතිනේ. ෆේල් කතාව නෙවෙයි කියන්නෙ, එතුමාට මේ සමාජ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිවුණා. එතුමා හැබැයි ලෝකයේ ඉතිහාසගත වෙයි ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහළින්ම ආරක්ෂා කරපු ජනාධිපතිවරයා හැටියට. තමන් හිටපු පෞද්ගලික ගෙදරට ගහපු වෙලේවත් තීන්දුවක් ගත්තෙ නෑ. රජගෙදරටත් ඇවිල්ලා, එතෙන්ටත් ගහලා, එතුමා ලංකාවෙනුත් ගියා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ඔයිට වැඩිය ?”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...