ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී බිහිසුණු ප්‍රතිඵල සහිතව අසාර්ථකව අවසන්වූ දේශපාලන ප්‍රොජෙක්ට් එකක්..
ප්ලෙකනොව් කිව්වා වගේ සමාජ සංවර්ධනයට බයිපාස් මාවත් නෑ.. සමාජ සංවර්ධනයට ඉතිහාසය දිගේ ඔහේ ගලාගෙන යන්ට දෙන්ට ඕන. සමාජවාදය කපලා කොටලා සීසර්කරලා කලින් එළියට ගන්ට ගිය හැමතැනකම එළියට ආවේ සොම්බි ජීවියෙක්..
පටන් ගත්තෙ ලෝක සාමය හදන්ට, කෙලවර උනේ බොල්ෂෙවික් මධ්‍යමකාරක සභාවෙම බාගෙට වඩා සාහසික විදියට මරලා දාලා සහ රුසියාව සාර්ගෙ රුසියාවටත් වඩා නරුම තැනකට දාලා..
රුසියාව තුලම අසාර්ථකවූ ලෙනින්වාදී සූත්‍රටික පස්සෙ කාලෙක යූස් උනේ තුන්වෙනි ලෝකයේ සුළුධනේශ්වර පාලක ජුන්ටාවල්වල නිර්ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සූත්‍ර විදියට..
සමහර තැන්වල ඒ රාජ්‍යයන් සොබාවිකවම බංකොලොත් වෙලා අවසන් උනා. තව කාම්බෝජයයේ වගේ තැන්වල මිනිස් ලේ ගංගා මතින් අවසන් උනා. උතුරු කොරියාවේ අවසානයක් නැතිව මෘග ඒකාධිපතිවාදයක් විදියට තාම ඔහේ යනවා..
මාක්ස්වාදයේ සඳහන්ව තිබූ වැරදි යෙදුමක් තමා ලෙනින්වාදය තුල අපයෝජනය උනේ.. ඒ තමා “නිර්ධන පන්ති ආඥාදායකත්වය” යන යෙදුම.. ස්ටාලින්, පොල්පොට්, කිම්ජොං මේ අය ඔක්කොම බලය අපහරණය කලේ මාක්ස්වාදයේ සඳහන්ව තිබූ උක්ත “නිර්ධන පංති ආඥාදායකත්වය” යන වාක්‍යාංශයට මුවාවෙලා..
ඇත්තටම ගත්තම අයි. එම්. එෆ්. ප්‍රෝගෑම් එකට දුවන වැඩපිලිවෙලක යන ජ.වි.පෙ.ට දැන් ලෙනින් මොකටද? දැන් ඒ අයට ලෙනින්වාදයෙන් ඕන වෙන්නෙ ඒකෙ තියෙන නිර්ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායක කොටස විතරයි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


