නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW:
මැලිබන් ජාතික රග්බි ලීග් සුරතාවලියේ එකළොස්වන සතිය නිමාවේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට හැකි වී තිබෙනවා.ඔවුන් එක් පරාජයක් සමඟින් තරග 8 ක් ක්‍රීඩා කර තරග හතක් ජයගෙන එක් පරාජයක් සහිතව ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.මහනුවර කණ්ඩායමත් තරග අටකදී ලබා ඇත්තේ එක් පරාජයක් පමණක් වුව ද,එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කිරීම නිසා දෙවන තැන පසු වෙනවා.
දැනට තරගාවලිය ක්‍රියාත්මක වන ආකාරයට මේ කණ්ඩායම් දෙකම තරගාවලියේ සූරතාවය සඳහා තියුණු තරගයක් ලබා දෙනු ඇතැයි සිතිය හැකියි.එපමණක් නොව ඇතැම් විට සීඑච් සහ හැව්ලොක්ස් කණ්ඩායම් සඳහා ද හොඳ දක්ෂතා දක්වමින් අභියෝග කිරීමට ඉඩක් තිබෙන බව පෙනෙනවා.
මේ දක්වා තරගාවලියේ ප්‍රතිවාදීන්ට එරෙහිව වැඩිම උත්සාහක දිණුම් ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ මහනුවර කණ්ඩායමයි.එය ප්‍රමාණයෙන් හැටක්.ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායම්වලට වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 362 ක් වාර්තා කිරීමට ද එම උත්සාහක දිණුම් වලින් පමණක් ලැබෙන ලකුණු 300 හරහා මහනුවර කණ්ඩායම සමත් වී තිබෙනවා.මේ දක්වා ඔවුන් පරාජය කිරීමට සමත් වූ එකම කණ්ඩායම වන සීආර් කණ්ඩායම තරගාවලියේ දී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳම කණ්ඩායම බවට පත් වී සිටින්නේ ප්‍රතිවාදීන්ට අඩුම ලකුණු ප්‍රමාණය (118) ලබා දුන් කණ්ඩායම වෙමින්.
ප්‍රධාන තරගාවලියේ බඩ පිස්සා වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මේ තරග වාරයේදී දැඩි පසුබෑමක් පෙන්වමින් සිටින අතර ඔවුන් තවමත් සහභාගි වූ තරග අටේදී රැස් කර ඇත්තේ ලකුණු 96 ක් පමණයි.ඔවුන්ට එදිරිව ප්‍රතාවාදි කණ්ඩායම් ලකුණු 390 ක් ලබා ගෙන සිටිනවා.


