ද ග්‍රේ මෑන් සමඟ සටන් වැදුනු ඉන්දියානු තනි වෘකයා – ධනුෂ්!

Date:

“The Gray Man” හෙවත් සියෙරා ඝාතකයින්ගේ ගැටුම Netflix තුළින් ලොව පුරා බෙදා හරින ලද Box Office වාර්තා ද බිඳ හෙලූ නැවුම් ක්‍රියාදාම චිත්‍රපටයකි. මෙහි රංගනයෙන් රයන් ගෝස්ලින් (Rayan gosling), ක්‍රිස් එවෑන්ස් (Chris Evans) , ඇනා ද ආර්මස් (Ana De Armas), ධනුෂ් (dhanush) යන සුපිරි රංගන ශිල්පීන් / ශිල්පිනියන් දායක වේ. 2009 වසරේදී මාර්ක් ග්‍රීනි විසින් ලියන ලද The Gray Man නවකතාව පදනම් කර ගෙන ඇන්තනී රූසෝ සහ ජෝ රූසෝ ගේ අධ්‍යක්ෂණයෙන් මෙය නිර්මාණය වූ අතර තිරගත වූයේ 2022 ජූලි 22 වන දින ය.

කතාව සහ කතාවෙහි සිටිය චරිත ගැන කෙටියෙන් කිවහොත් මෙහි සික්ස් හෙවත් ප්‍රධාන චරිතයට පණ පොවන රයන් ගෝස්ලින් CIA සංවිධානය මඟින් අති දක්ශ ලෙස පුහුණු කෙරූ රහස් කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහුට සිදුව ඇති රාජකාරිය වන්නේ ‍රාජ්‍ය නිලධාරීන්ට කෙලින්ම සම්බන්ධ විය නොහැකි අවස්ථා ආවරණය කිරීමයි. එමෙන්ම ඔබ කවුරුත් දන්නා Captain America (Chris Evans) මෙහිදී ලොයිඩ් ගේ චරිතයට පණ පොවන අතර හොලිවුඩයට අලුත් මුහුණුවරක් එක් කරමින් කොලිවුඩයේ සුපිරි නළු ධනුෂ් (Dhanush) මෙහි Avik san (ලෝන් වුල්ෆ්) යන චරිතයට තම සාධාරණත්වය ලබා දෙයි.

මෙය දකුණු ආසියාතික රංගධරයන් හොලිවුඩයට රැගෙන ගිය සුවිශේෂී අවස්ථාවකි. කළු සුදු භේදයට ලස්සන පිළිතුරක් ගෙන හැර පාමින් දකුණු ආසියාතික දක්ශයන් මෙලෙස හොලිවුඩයෙහි පිළිගැනීමට ලක්වීමද අගය කල යුතු කරුණක් වේ.

“ධනුෂ් (Dhanush)” 1983 ජූලි මස 28 තමිල්නාඩු ප්‍රාන්තයේ උපත ලද අතර, මොහු රංගන ශිල්පියෙකු විටෙක නිෂ්පාදකවරයෙකු සහ තවත් විටෙක අධ්‍යක්ෂකවරයෙකි. මොහු දායක වූ පළමු නිර්මාණය “Thulluvadho Ilamai” වන අතර ධනුෂ් ගේ සාර්ථකත්වයට ‘Maryan’, ‘Anegan’, ‘Kodi’, ‘Wadachennai’ ආදී චිත්‍රපට පසුබිම් විය. එමෙන්ම සුපිරි ක්‍රියාදාම චිත්‍රපට අතර Mari සහ Velaiilla pattadhari ඔහුගේ නම ගෙන ගිය චිත්‍රපට එකතුවකි.

ධනුෂ් ගේ විශේෂත්වයක් වන්නේ කොලිවුඩය පමණක් නොව වර්තමානය වන විට බොලිවුඩය සහ හොලිවුඩයද අතික්‍රමණය කිරීමට ඔහුට හැකිවීමයි. එනම් “Shamitabh (2015)” චිත්‍රපටයේ ගරු රංගන ශිල්පී අමිතාබ් බච්චන් සමඟ කරට කර තම රංගනයෙහි යෙදීමත් මෑතක දී එළිදැක්වූ The Gray Man හි දැක්වූ රංගනයත් නිසාවෙනි. The Gray Man චිත්‍රපටයෙහි ධනුෂ් ගේ චරිතය කෙටි රාමුවක තිබියද ඔහු එයට උපරිම සාදාරණත්වයක් ලබා දෙමින් විටෙක දුෂ්ටයකු සහ විටෙක සාධාරණ පැත්තට නැඹුරු වෙමින් තම භූමිකාව රඟ දක්වයි.

මෙම ක්‍රියාදාම චිත්‍රපටය නැරඹූ ධනුෂ් ගේ රසිකයන් පවා එය පිළිබඳ විවිධ මත සටහන් තබා ඇත. ඔවුන්ගේ අදහස් වලින් පෙනී යන්නේ ඔවුන් ධනුෂ් ගේ රංගනය ඉතාමත් උද්‍යෝගයෙන් නරඹා ඇති බවයි.

මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට අධික ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය අති සාර්ථක නිර්මාණයක් වීම පුදුමයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

PuLi

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...