හදිසි නීතිය දිගටම ගෙනියන්න මටත් වුවමනාවක් නැහැ – ජනපති රනිල්

Date:

රටේ ස්ථාවරභාවයක් ඇතිවූ පසුව හදිසි නීතිය දිගට පවත්වාගෙන යාමේ වුවමනාවක් තමන්ට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ රටේ ජනාධිපති නිල නිවසත්, මේ කාර්යාලයත්, අගමැති නිල නිවසත් අරගත්තා. මගේ ගෙදරට ගිනිතිබ්බා. අගමැති කාර්යාලය ගත්තා. අන්තිමට පාර්ලිමේන්තුවට එද්දී තමයි නතර වුණේ. මේ ස්ථාවරභාවය ඇතිවුණාම මටත් මේක ගෙනියන්න වුවමනා නැහැ. අඩුගාණෙ ආරක්ෂාව සඳහා. සමහරවිට අපට හදිසි නීතිය ගේන්න සිදුවෙයි ආර්ථික කටයුතු ගැන. මොකද අපට සුමාන හතක්, අටක් යනවා සාමාන්‍ය නීතියක් සම්මත කරගන්න, අපි ඔක්කොම එකඟ වුණත්. එක්කෙනෙක් හරි උසාවියට ගියොත් එතනින් තව සුමාන දෙක තුනක් යනවා. ඉතින් ඒ ගැන මම කතා කරනවා අනිත් පක්ෂ එක්ක එහෙම යොදවනවා නම්. ඒ අයිතිය තියාගෙන තියෙන්නෙ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) සමගි ජන සන්ධානයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...