විදුලි බිල : ජනතාවට කරන්ට් වදින දවස ලබන අඟහරුවාදා ….

Date:

විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා (09) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

“විදුලි බිල්පත වැඩිවීම ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන සතියේදී අපට පාරිභෝගිකයින්ට, මහජනතාවට කියන්න පුළුවන් විදුලි බිල වැඩිවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. විදුලි බිල වැඩිකිරීමේදී අඩු ආදායම් ලබන අයට සහනාධාර ලබාදෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනවාද කියලා මහාභාණ්ඩාගාරයෙන් විමසීමක් කළා, ඒත් ඒ සඳහා අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඒ වුණත් අපි විදුලි බිල සංශෝධනයේදී ඒ තත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරිපත් කරනවා”

ජනක රත්නායක මහතා මේ බව පැවසුවේ අද (07) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...