නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW:
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය නිමාවට පත් වුණේ එංගලන්තයට කඩුලු 6 ක ජයක් හිමි වෙමින්.ඒ අනුව තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයද 2-0 ක් ලෙස සහතික කර ගන්නට එංගලන්තයට හැකි වෙනවා.
තරගාවලියේ කාසියේ වාසිය නැවත හිමි වන්නේ එංගලන්ත නායක හැරී බෘක් ට යි.පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.තරගයේ පළමු ඕවරයේ සිටම ශ්‍රී ලංකාව ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගන්නවා.විශේෂයෙන් අංක 1,2,3 සහ 4 යන පිතිකරුවන්ගේ ලකුණු සහ ඒ සඳහා ඔවුන් වැය කළ පන්දු ප්‍රමාණය උදාහරණයකට ගත් විට මේ කාරණය පැහැදිළි කර ගැනීම පහසුයි.
පැතුම් නිශ්ශංක ලකුණු 34,පන්දු 22,ප්‍රහාරක වේගය 154.54
කමිල් මිෂාර ලකුණු 36,පන්දු 30,ප්‍රහාරක වේගය 120.00
කුසල් මෙණ්ඩිස් ලකුණු 32,පන්දු 17,ප්‍රහාරක වේගය 188.23
පවන් රත්නායක ලකුණු 40,පන්දු 22,ප්‍රහාරක වේගය ලකුණු 181.81
මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට නොහැකි වූයේ ඇයි කියන ගැටළුව ශ්‍රී ලංකාව පන්දු ඕවර් 20 තුළ රැස් කළ ලකුණු 189 හරහා පැන නඟින ගැටළුවයි.කඩුලු 5 ට ලැබූ ලකුණු 189 නරක ලකුණු සංඛ්‍යාවක් නොවුණත්,ජයග්‍රහණය සඳහා වර්ෂාව බාධා කර එංගලන්තයේ ඉලක්කය වැඩි දරුණු තැනකට වැටුණ ද එය ඔවුන් පහසුවෙන් හඹා ගිය බව ඇත්තයි.
ඉහත පිතිකරුවන් අතරින් 13 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවට කුසල් මෙණ්ඩිස් දැවී යන විටත් ලකුණු ලබා ගැනීමේ වේගය පන්දු ඕවරයකට ලකුණු 10 ඉක්මවා තිබුණා.එතැනදී පිිතිකරණ පෙළ ගැස්ම වෙනස් කරමින් නායක දසුන් ශානක පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.ඔහු රැදී සිටි පන්දු 6 තුළ ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.විශේෂයෙන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන පිතිකරුවෙකුට තිබිය යුතු පන්දුව කියවා ගැනීමේ හැකියාව හෝ ඔහු පෙන්නුවේ නැහැ.ඒ ලකුණු වේගය පහත වැටීමේ ආරම්භය සටහන් කළ සිඳුවීම වූ අතර ඒ වන විට එංගලන්ත පන්දු යවන්නන් පීඩනයට ගොඳුරු කර ගනිමින් වැඩ ගනිමින් සිිටිය පවන් රත්නායක පවා යම් තරගමක පීඩනයකට හසු වූ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 28 ක් පන්දු 22 දී ලබා ගත්තද ඔහු ද තැන්පත් වන්නට සැළකිය යුතු කාලයක් ගනු ලැබීමෙන් පවත්වා ගෙන ආ ලකුණු වේගය අඩාල වුණා.
එංගලන්තට වෙනුවෙන් නැවතත් අදීල් රශීඩ් ඔහුට ගැලපෙන තණතීරුවේ උපරිමය දක්වමින් පන්දු ඕවර් 4 ලකුණු ලකුණු 25 ට නිමා කළ කඩුල්ලක් දවා ගත්තා.ජැක් රසල් ලබා දුන්නේ ලකුණු 24 ක් පමණයි.ඔහුත් කඩුල්ලක් දවා ගත් අතර ලියම් ඩෝසන් ලකුණු 32 ට කඩුල්ලක් දවා ගත්තා.පළමු පන්දු ඕවරයේදී දැඩි ප්‍රහාරයකට ලක් වූ ජොෆ්රා ආචර් පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගනිමින්.
පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තයේ පළමු කඩුල්ල ඔවුන්ට අහිමි වුණේ මුළු ලකුණු 10 ක් ව තිබියදීයි.දෙවැන්න ලකුණු 38 දී අහිමි වුණා.එහෙත් ඔවුන් ආරක්ෂාවට වඩා ආක්‍රමණය කරා යොමු වී තිබුණේ කොයි මොහොතේ හෝ මේ තරගයේ තීරණය ලබා ගැනීමට ඩක්වර්ත් ලුවිස් ඉදරියට පැමිණෙන බවට කාලගුණය සංඥා කරමින් සිටි නිසයි.ඒ නිසා ජොස් බට්ලර් වගේම ටොස් බැන්ටන් ලකුණු වේගය ඉහළින් තබා ගැනීමට හැම විටම පන්දු ඕවරයකට හයේ හෝ හතරේ පහරක් එකතු කර ගනිමින් කෙටි ලකුණු එකතු කර ගැනිමේ විලාසිතාව නොනවත්වා රැඟෙක ගියා.
එහෙත් බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව පතිත වන විට පන්දු 7.2 දී එංගලන්තයේ ලකුණු පූවරුව සටහන් වූයේ කඩුලු 2 ට ලකුණු 57 ක් ලෙසයි.විශේෂයෙන් ඒ මොහොත් අටවන පන්දු ඕවරය යවමින් සිටි ඒෂාන් මාලිංග සිව්වන පන්දු ඕවරය යැවීමට කැඳ වූ අවස්ථාවේදී යොමු කළ පන්දු මිශ්‍රණය හමුවේ,ඔහු ලබා දුන්නේ ලකුණු 4 ක පමණක් වූ අතර,තරගය වර්ෂාව පැමිණෙන විට ඔහු යවමින් සිටි අටවන පන්දු ඕවරයේදී ද නිලකුණු පන්දුවක් සමඟ එක ලකුණක් ලබා දී පන්දු ඕවර් 1.2 ක් නිමාවේ ලකුණු 4 ක් දී පිතිකරුවන්ට බලපෑමක් එල්ල කරමින් සිටියා.එහෙත් වර්ෂාවෙන් පසුව යවන ලද පළමු පන්දුවම ඔහු පන්දු නොයවන අතේ ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා නිපන්දුවක් වීම නිසා පිතිකරුවාට හිමි වූ ලකුණත් සමඟ ලකුණු 2 ක් එංගලන්තයට හිමි වුණා.වම් උරහිසට සිඳු වූ ආබාධයක් නිසා ඒෂාන් මාලිංග පිටියෙන් ඉවත් වීම ද මේ තරගයේදි එංගලන්තයට ජයග්‍රහණය සඳහා ඉඩ හසර ඇති කරන තත්ත්වයක් වුණා.
දසුන් ශානක තමන් සතුව සිටි නිත්‍ය පන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග සහ මතීශ පතිරණ දිගටම ප්‍රහාරයට ලක් වෙද්දී ඔවුන් ට පන්දු ඕවර් 17 ට සීමා කර තිබූ තරගයේ පන්දු ඕවර් 4 යැවීමට ලැබෙන අවස්ථාව වෙනසක් නොකර ලබා දුන්නා.වෙනත් උපක්‍රමයකට යාමට ක්‍රීඩකයන්ට අදහසක් ඇති නොවන අන්දමට ඇති නිදහසේ සීමාව,අපකීර්තිය විසින් අත් කරන්නක් ද විය හැකියි.
ලෝක කුසලානයට ධනංජය ද සිල්වා එක් කරන්නේ ඇයි ද යන පැනය ඔහුගේ තරග රටාව සමඟ ප්‍රශ්න කරමින් තිබුණ පිරිස පසෙකට වී ඔහු ලෝක කුසලානයෙන් ඉවත් කිරීමක් ගැන වාර්තාවිමත් සමඟ සුපිිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ඉවත් කිරිම ලෙස ද එය වාර්තා කරනු දකින්නට ලැබුණා.එසේම දරුණු විදිහට ක්‍රිකට් ආයතනය දෝෂ දර්ශණයට ලක් කරන සහ එය තරග අවස්ථාවේදී සංවිධානාත්මකව කිරීමේ උවමනාවක් ද සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබුණා.
මේ කාරණය තුළ සිටිය යුතු විස්සයි විස්ස දක්ෂතා සඳහා උචිත ක්‍රීඩකයන්ගේ හිඟය මෙන්ම බුද්ධිමත්ව වැඩ කරන ප්‍රේක්ෂකයන්ගේ හිඟයද දකින්නට ලැබෙනවා.තමන්ට අවශ්‍යය ක්‍රීඩකයා කණ්ඩායමේ රඳවා ගැනීම දක්වා ජාතික වගකීම යන වචනය ප්‍රදර්ශනයට ටැටූ කොටා ගෙන කරන රංගනය පිටුපස අසීරුවට පත්වන්නේ ජාතික ක්‍රිකට්මයි.වත්මන් ප්‍රේක්ෂකයා මෙන්ම ක්‍රීඩකයන්ට සම්බන්ධ පාර්ශව විසින් අනුග්‍රහය ලබා දෙන සමාජ මාධ්‍ය ජාලාවන් ද,ක්‍රිකට් ආයතනයේ වගකීමක් ගන්නට සිහින දොළ ඇති පිරිස් විසින් මෙහෙයවන ව්‍යාපෘති ද කණ්ඩායම් ද ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාවක් සඳහා වන උවමනාවන් මත යන මිත්‍යාව තේරුම් ගැනීමට ක්‍රිකට්වලට ආශාවෙන් ජාතික කණ්ඩායම තෝරන්න හදන පිරිස් තමන්ගේ අදහස් දැක්විමේදී දැන සිටීම වැදගත් වෙනවා.
මේ සියල්ලම පරාජිත කාරණා ලෙස ඇතුළතින් එන මොහොතට අදාළව සුදුසු තෝරා ගැනීම නොකිරීම මෙන්ම පිටතින් එන සමාජ මතය අනුව දිරිදීම් වෙනුවට සිඳු කරන ගැරහීම් ද සියල්ලන්ගේම ජාතියට අයත් ධජය පහත හෙළීමට හේතුවක් බව මේ තරගාවලිය හරහා අවබෝධ කර ගැනීමට අවස්ථාව සකස් කරමින් සිටිනවා.පිටත අවශ්‍යය කරන සංශෝධන,ක්‍රීඩක පෞරුෂයේ සහ හැකියාවේ වර්ධනය වැනි කාරණා ජයග්‍රහණයට වැදගත් අතර ඒ වෙනුවෙන් සිඳුවිය යුතු වෙනස්විම් කවරේද යන්න වෙනුවට පාලනය ඩැහැ ගැනීමේ ක්‍රියා මාර්ග කරා යන්නට දරණ උත්සාහය පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ලෙංගතුකම නොවේ.
මීට වඩා වෙනස් දියුණු සංස්කෘතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිටින එංගලන්තය විස්සයි විස්ස යනු ආරක්ෂාව නොවන ආක්‍රමණය පමණක් විශ්වාස කරන සම්ප්රදායක් බව දෙවන තරගයේ වර්ෂාවෙන් පසු ප්‍රවේශය තුළ හඳුන්වා දුන්නා.එහි වගකීම තරගයේ වීරයා වෙමින් පන්දු 33 න් ලකුණු 54 ක් නොදැවී ලැබූ ටොම් බැන්ටන් අත් කර ගත්තා.එහෙත් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුණ විසුණු කළ ප්‍රහාරය එල්ල කළේ එංගලන්ත නායක හැරී බෘක් වන අතර ඔහු පන්දු 12 න් ලකුණු 25 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟයි.
මාලිංගගේ ආබාධය,පිතිකරණ පෙළ ගැස්ම වෙනස් කරමින් දසුන් ශානක ඉහළින් පැමිණීම,පන්දු යවන්නන් යොදා ගැනීමේදි අනිවාර්යෙන් වනිඳු සහ මතීශ පන්දු ඕවර් 4 බැඟීන් යැවීමට තෝරා ගැනිම වැනි කාරණා ද,මතීශ පතිරණගේ අස්වාභාවික වයිඩ් පන්දු යැවිම හරහා මතුවන ඔහුට ඔහු සම්බන්ධයෙන් ඇති අවිශ්වාසය ද වැනි කරුණු මේ පරාජයට හේතු හැටියට නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතු වූ බව පැවසීම වඩාත් නිවැරදිය.
ලකුණු සටහකට පහතික් පිවිසිය හැකිය.
https://bit.ly/3M9lGe5


