පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත එළැඹෙන මාර්තු මස 15වනදා සිට සැප්තැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 300,000 ± 5%ක් බැගින් වූ නැව් තොග 05ක් ප්‍රසම්පාදනය කිරීමට නියමිත අතර මෙම කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මීට පෙර ලංසු කැඳවා තිබුණි.

ඒ සඳහා සැපයුම්කරුවන් 06 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

එම ලංසු සම්බන්ධයෙන් සිදුකළ ඇගයීමකින් පසුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්ව, එම කොන්ත්‍රාත්තුව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත පිරිනැමීමට යෝජනා කර තිබේ.

බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...