ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වී තිබේ.

මෙහිදී දෙපාර්ශ්වය අතර පවතින ගැඹුරු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවත් අනාගත වර්ධන අවස්ථා පිළිබඳව සහ සමාජ සුබසාධන වැඩසටහන් පිළිබඳ කතාබහක නිරත වූ බවත් ජයිශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

පසුගිය ආර්ථික අර්බුද සමයේදී මෙන්ම මෑත කාලීන දිට්වා සුළි කුණාටු ව්‍යසනයේදී ද ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බව සිහිපත් කර ඇති ජයිශංකර් මහතා ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක සැබෑ සහකරුවකු වශයෙන් සිටින බවයි සඳහන් කර ඇත්තේ.

ටිල්වින් සිල්වා මහතා මේ දිනවල ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...