Home පුවත් අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW :

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවත්, මහජන දේපළ කොල්ලකෑ කිසිදු පුද්ගලයෙකුට නීතියෙන් බේරීයාමට ඉඩ නොතබන බවත්, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

හැටන් පොලිස් කොට්ඨාසයට අයත් ගිනිගත්හේන පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. පොල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 07කට අයත් පවුල් 2465 ක සාමාජිකයන් 7569 දෙනෙකු පොල්පිටිය පොලීසිය මගින් සේවාවන් ලබාගනු ලබයි.

පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්වුණු බව වාර්තා වේ.