Home විදෙස් ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

0
3

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජපානයේ ප්‍රථම කාන්තා අගමැතිනිය මෙන්ම ජපානයේ අභාවප්‍රාප්ත හිටපු අගමැතිනි ෂින්සෝ අබේගේ ප්‍රසිද්ධ සගයෙකු වන සනේ ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇතැයි පුරෝකථන ඉදිරිපත් වී තිබේ.

මෑත කාලීනව කරන ලද මත විමසුම්වලට අනුව, ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමඟ තරඟ කරන ඇගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) සන්ධානය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් 300 ක් දක්වා දිනා ගත හැකි බවත්, එය පසුගිය වසරේ ජපාන පාර්ලිමේන්තුවේ සභා දෙකෙහිම පාලනය අහිමි වූ LDP පක්ෂයට පෙරළියක් සනිටුහන් කරණු ඇති බවත්ය.

ඇය LDP පක්ෂයේ වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා වශයෙන් මේ වන විට ස්මතුව ඇති අතර ඇයගේ ඇඳුම් පැළඳුම් තේරීමේ සිට දුම්රිය ගමන් සුලු කෑම දක්වා පාර්ලිමේන්තුවේ සටහන් ගැනීමට ඇය භාවිතා කරන රෝස පෑන දක්වා සියල්ල වටා විශාල අනුගාමික පිරිසක් ගොඩනැගී ඇත.

ස්ත්‍රී පුරුෂ භාවය සහ පවුල පිළිබඳ ඇගේ සාම්ප්‍රදායික අදහස් තිබියදීත්, ටකයිචි වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ඡන්දදායකයින් අතර විශේෂයෙන් ජනප්‍රිය බව ඔප්පු වී ඇති බව මත විමසුම්වලින් පෙනී යයි. ඔක්තෝබර් මාසයේදී ඇය ප්‍රථම වරට බලයට පත් වූ දා සිට ඇගේ රජය සඳහා අනුමත ශ්‍රේණිගත කිරීම් බොහෝ දුරට 70% ට වඩා ඉහළ ගොස් තිබෙන බව කියැවේ.