ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

Date:

රෂිකා හෙන්නායක

”බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…!

බන්චිගෙයි මගෙයි අතරෙ තිබුණු ඒ ආදරණීය බැඳීම ගැන ෆේස්බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක් දැන් දන්නවා. බන්චි මගේ ළඟට ආවෙ මීට අවුරුදු 15 කට පෙරාතුව මම ව්‍යාපාරික වශයෙන් අතිශයින්ම අසීරුම අඩියකට වැටිල තිබුණ එක්තරා කාලවකවානුවකදි. විශේෂයෙන්ම ඒ කාළේ මගේ ව්‍යාපාර එකින් දවසින් දවස පාඩු ලබද්දි වගේම, මට බැංකු ණය පවා ගෙවාගන්න අසීරු අවස්ථාවක පුදුකාමාර විදියට මම මානසික ව්‍යාකූලත්වයකට ලක් වුණා. ඉතින් ඒ දවස් වල පුරුද්දට වගේ මට තියන හැම ප්‍රශ්ණයක්ම ගෙදර ඇවිත් බංචිත් එක්ක කතා කරන්න මම පුරුදු වෙලා හිටියා.

මම කියන කිසිම දෙයක් බන්චිට නොතේරුණත්, මගේ තියන හැම ප්‍රශ්ණයක්ම එයා තේරුම් ගත්තා වගේ සාවධානව එයා අහගෙන හිටියා. ඉතින් පුරා වසර 14 ක කාලයක පටන් මගේ සතුට වගේම, දුකත් බෙදාගන්න බන්චි දවසෙන් දවස පුරුදු වුණා. ඉතින් කොහේදෝ ඉඳන් ආපු අපේ බංචි මටත් නොදැනුවත්වම මගේම දරුවෙක් වගේම මගේ ජීවිතයට සමීප වුණා.

මීට වසරකට පෙරාතුව එක දිගටම රෝගාතුරව අසනීප වෙලා උන්නු බන්චිව තනි කරලා මම ගෙදරින් පවා නොසෙල්වී සිටියත්, 2024 පෙබරවාරි 07 අද වගේ දවසක එයා මාව දාල යන්නම යන්න ගියා. දරුවෙක් වගේ මගේ ළඟටම වෙලා දුක සැප බෙදාගෙන අවුරුදු 14 ක් එයා මාත් එක්කම ඉඳියත්, ලෝක ධර්මතාවය සල්ලි වලට වත්, බැඳීම් වලටවත් පරාද කරන්න ඔයාට බෑ කියල මම එදා දැනගත්තා පුතේ. ඒත්, ඔයා මගේ ජීවිතේ ඇතුලෙ පුරවපු මතක වගේම මාත් එක්ක බෙදාගත්ත අතීත ස්මරණ සියල්ලක්ම මම හැමදාමත් මතක් කරමින් ඔයාට ආදරේ කරනවා.

ඔයා වෙනුවෙන් මම ආදරයෙන් අදටත් නිවෙස් වල රඳවාගෙන බලාගන්න සියයකට ආසන්න අසරණ වීථි සතුන් සියල්ලක්ම මම හැකි උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔයා වෙනුවෙන් අද ලංකාවෙ ගොඩාක් ප්‍රදේශ නියෝජනය වෙන විදියට සහ රටේ බොහෝ පැති ආවරණය වන පරිදී විසිරී සිටින අසරණ වීථි සතුන්ට මම හැකි උපරිමයෙන් ආහාර ලබා දෙනවා.

මෙම වැඩසටහන මාතලේ, නාඋල, මොරගහකන්ද, නාගොල්ල, මාලිගාතැන්න, කූබියන්ගොඩ, හුලංගමුව, අලුවිහාරේ, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, වැලිකන්ද, ඇලහැර, නුවරඑළිය, රාගල, හැටන්, නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය, උණවටුන, දෙවට, පින්නදූව, හබරාදූව, අහංගම, තල්පේ, කිරිඳිවෙල, මහරගම, පන්නිපිටිය, කඩවත, මහර, රාගම ආදී ප්‍රදේශ වල පැවැත්වුණා.

ඒ නිසා මගේ ආදරණීය බංචි කෙල්ල, ඔයා අපෙන් වෙන් වෙලා දෙවසරක් ගෙවෙන අද වගේ දිනයක මම ඔයා වෙනුවෙන් යමක් ඉල්ලනවා. ඔයාට මතු උපදින සසරක මිනිසත් භවයක්ම ලැබිලා, අප අතරේම යළි ඉපදෙන්න කියල අද වගේ දවසකත් නැවතත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සත්කාරය දැකලා හිත් පහදාගන්න, ඔයාට ආදරය කරන හැමෝගෙම ජීවිත සුඛිත මුදිත වෙන්න කියන ප්‍රාර්ථනයත් මම මේ සමඟම සිදුකරනවා…”

සටහන සහ ඡායාරූප : Dudley Sirisena ෆේස්බුක් පිටුවෙන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...