නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:
එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර කළ නේපාල කණ්ඩායමට හුස්ම ගන්නට ඉඩ නොදෙමින් කඩුලු 10 ජයක් වාර්තා කළ ඉතාලිය සිය ක්‍රිකට් ලෝක කුසලාන මංගල තරගාවලියේදීම ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් විය.එංගලන්තය ඉදිරියේ ලකුණු 4 න් අන්තිම මොහොතේ සෑම් කරන්ගේ වෘත්තිමය පළපුරුද්දට දෙවැනි වූ නේපාලය,ඒ දැක්වූ දස්කම් අනුව ඉතාලි කණ්ඩායමට උන් හිටි තැන් අමතක වන අන්දමේ ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි සිතූ අයට අපූරු පිළිතුරුක් දුන් ඉතාලි කණ්ඩායමේ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ක්‍රිශාන් කලුගමගේ ප්‍රමුඛ පන්දු යවන්නන් නේපාල කණ්ඩායම ලකුණු 123 ට සීමා කරන්නට සමත් විය.එහිදී ඉතාලි කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගත් ක්‍රිශාන්,ඉතාලි කණ්ඩායමේ හොඳම ප්‍රතිපල පෙන් වූ පන්දු යවන්නා වූ අතර ඔහු තරගයේ වීරයා ද විය.
ඉතාලි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 123 ක ඉලක්කය හඹා ගිය ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වෙන මොස්කා සොහොයුරන් කිසිඳු කඩුල්ලක් ලබා නොදී,පන්දු ඕවර් 12.4 දී සිය ලකුණු පූවරුව 124 ක් බවට පත් කළේය.එහිදී බාලයා වූ ජස්ටින් මොස්කා පන්දු 44 න් ලකුණු 60 ක් රැස් කළේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමඟය.ඔහුට වඩා ප්‍රවේගකාරී වූ අයියා වන ඇන්තනී මොස්කා හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 32 දී ලකුණු 62 ක් නොදැවී ලැබීය.
ක්‍රිශාන් අවුරුදු 16 දී ශ්‍රී ලංකාවෙන් නික්ම රෝම ක්‍රිකට් සමාජය වෙනුවෙන් දායකත්වය දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති අතර ඔහුගේ දකුණත් ගුග්ලියේ දඟ කැවීම පරිණත පා දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් නේපාල පිතිකරුවන් අන්දමන්ද කිරිම නිසාම තරගයේ අර්ධ ශථක ලැබූ මොස්කා සහෝදරයන්ට වඩා තීරකයන් තරගයේ වීරයා සම්මානය ක්‍රිශාන් කළුගමගේට පිරිනැමීය.
තරගයේ ලකුණු සටහන ඇතුළු විස්තර සඳහා පහතින් පිවිසෙන්නට හැකි අතර ඡායාරූපයේ දැක්වෙන්නේ ක්‍රිශාන් කළුගමගේ යි.
https://bit.ly/4aueykL




