Home පුවත් විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 13.56%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා අනුමැතිය ඉල්ලා ඇත.

අප්‍රේල් 01 සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලීම් කර තිබේ.

මීට පෙරද විදුලි ගාස්තු සංශෝධනයක් ව්නේඋවෙන් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබුණ නමුත් ඊට අවසර් නොලැබුණි.