ලංකාව වැටුණු වලේ නොවැටී අපි බේරුණා – පකිස්තාන මුදල් ඇමති

Date:

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික පරිහාණිය වැනිම තත්වයක් පකිස්තානය තුළද ඇතිවීමට නියමිත බව පසුගිය දිනවලදී එරට මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් මේ වනවිට අර්බුදය තරමක් හෝ සමනය කර ගැනීමට පකිස්තානය සමත්ව තිබෙනවා.

එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් මහතා පවසන්නේ සැළකිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් හා කප්පාදු පියවර හේතුවෙන් ශ්‍රී ලංකාව වැටුණු තත්වයෙන් ගැලවීමට පකිස්තානය සමත් වූ බවයි.

දශක කිහිපයක් තිස්සේ දරුණු ආර්ථික අර්බුදය සමග පොරබදන පකිස්තානය ගොඩගත නොහැකි තත්වයට වැටෙනු ඇතැයි යන බරපතල කනස්සල්ල සියල්ලන්ටම තිබූ බවත් මේ වනවිට එම තත්වය මගහැරී ඇති බවත් මුදල් ඇමතිවරයා පකිස්තානයේ අරාබි පුවත් සේවය සමග පවසා තිබෙනවා.

පකිස්තානය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය මාස එකහමාරක ආනයනය සඳහා හෝ ප්‍රමාණවත් නොවේ. මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පකිස්තානු රුපියල ඉතිහාසගත ලෙස පහත වැටී තිබෙනවා.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පකිස්තාන රජය උත්සාහ දරමින් සිටී. මේ වනවිට දෙපොර්ශ්වය කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 06 ක ණයක් බලාපොරොත්තුවෙන් සිටින අතර මුල් අදියරේදී ඩොලර් බිලියන 1.17 ක මුදලක් ලබාදීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...