ලංකාව වැටුණු වලේ නොවැටී අපි බේරුණා – පකිස්තාන මුදල් ඇමති

Date:

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික පරිහාණිය වැනිම තත්වයක් පකිස්තානය තුළද ඇතිවීමට නියමිත බව පසුගිය දිනවලදී එරට මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් මේ වනවිට අර්බුදය තරමක් හෝ සමනය කර ගැනීමට පකිස්තානය සමත්ව තිබෙනවා.

එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් මහතා පවසන්නේ සැළකිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් හා කප්පාදු පියවර හේතුවෙන් ශ්‍රී ලංකාව වැටුණු තත්වයෙන් ගැලවීමට පකිස්තානය සමත් වූ බවයි.

දශක කිහිපයක් තිස්සේ දරුණු ආර්ථික අර්බුදය සමග පොරබදන පකිස්තානය ගොඩගත නොහැකි තත්වයට වැටෙනු ඇතැයි යන බරපතල කනස්සල්ල සියල්ලන්ටම තිබූ බවත් මේ වනවිට එම තත්වය මගහැරී ඇති බවත් මුදල් ඇමතිවරයා පකිස්තානයේ අරාබි පුවත් සේවය සමග පවසා තිබෙනවා.

පකිස්තානය සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9.8 ක් දක්වා පහත වැටී ඇති අතර එය මාස එකහමාරක ආනයනය සඳහා හෝ ප්‍රමාණවත් නොවේ. මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පකිස්තානු රුපියල ඉතිහාසගත ලෙස පහත වැටී තිබෙනවා.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පකිස්තාන රජය උත්සාහ දරමින් සිටී. මේ වනවිට දෙපොර්ශ්වය කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 06 ක ණයක් බලාපොරොත්තුවෙන් සිටින අතර මුල් අදියරේදී ඩොලර් බිලියන 1.17 ක මුදලක් ලබාදීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...