*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

හංගේරියා දැණුමෙන් ඕස්ට්‍රේලියාව උස්සා පොළවේ ගැසූ නෙත්මි ලංකාවෙ දැණුමෙන් දණින් වැටෙයි

සුද්දො වගෙද අපි.අපි හැදිච්ච ජාතියක්
පොඩි කාලෙ ඉදලා ඔළුවට පොලුවලින් ගස්සලා බස්සන්නෙ මේ කතාව.ඒත් අපේ කියලා රජකාලෙ නටබුන් ටිකක් විකුණගෙන කනවා ඇරෙන්න අපිට ආධාර හැටියට කන්න වෙලා තියෙන්නෙ,අපි කාලා ජීවත්වෙලා තියෙන්නෙ සුද්ද දික් කරන ආධාරවලින්.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවල නෙත්මි දිනපු පදක්කමත් සුද්ද දුන්න තල්ලුවෙන් දිනපු එකක්.සුද්ද ඇයි තල්ලුව දුන්නෙ?
සුද්දට අවශ්‍යය දක්ෂයා.ඌ සිංහලද – දෙමළද – බෞද්ධද නැත්නම් වෙන ආගමකද මේ කිසි දෙයක් උට අදාළ නැහැ.2021 මහා අමාරුකම් මැද්දෙ පුහුණුකරු සුරංග මැව් මඩු සෙවණෙ පැලැස්තර දමපු මෙට්ට මැද ඔට්ටු වෙලා දාපු සෙල්ලම් නිසා නෙත්මි අහිංසා රුසියාවට යනවා.ඒ කණිෂ්ඨ ලෝක සූරතාවයට. ඒකට යන මේ කෙල්ලට රුසියාවට වඩා ඉරිසියාව ලොකුවට තියෙන කට්ටිය හරස් කැපුවත් මේකිගේ දක්ෂකම ඒ ඔක්කොම බාධකවලට උඩින් පැන්නා.
රුසියාවෙ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙ මේ කෙල්ල පෙන්නපු හපන්කම් එක්ක ඒකි ඉසව්වෙ අටවැනි තැනට ශ්‍රේණිගත වුණා.
මොනවද ඒ අටවැනි තැනට පසුබිම වුණේ?
අන්න අලේ හරි බතලෙ හරි කියන්න පුළුවන් පුංචි සාධාරණයක් තියෙනවා.අර අබල දුබල මෙට්ට ඒවට දුන්න හයිය ඇඟටත් වැඩිය හිතට ගත්ත නෙත්මි ඔක්කොගෙම නෙත් තමන්ගෙ පැත්තට විශේෂ කරලා හරවා ගත්තා.හැබැයි මේව ක්‍රීඩා අමාත්‍යංශයට වැදගත් වුණේ නැහැ.ඉහළ කාර්ය සාධනය අපේක්ෂාවෙන් අනුග්‍රහ ලබා දෙද්දි නෙත්මි හිටපු මල්ලවපොර ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යංශ්‍ය දකින්නෙත් නැහැ.නමුත් මේ හිච්චි කෙල්ල ලෝකෙට අභියෝග කරන්න පුළුවන් මට්ටමේ දක්ෂයෙක් කියලා කල්පනා කරන ශ්‍රී ලංකා මල්ලව පොර සංගමය ජාත්‍යන්තර මල්ලව පොර සංගමයෙන් කරන ඉල්ලීමකට තමයි හංගේරියාවෙ දොර විවෘත කරන්නෙ.නෙත්මි දිහා වගෙම සුරංග ගැනත් ඔවුන්ගෙ අවධානය හිමිවෙනවා.ඒ නිසා ඔහු යටතෙ පුහුණුව ලබන තවත් දෙදෙනෙක්ටත් පුහුණුවේ දොරටු විවර වෙනවා.
ජාත්‍යන්තර සහයට මැදිහත් වෙන්න වගේම ක්‍රිස්බෝ අනුග්‍රහයත් ලබා දෙමින් ජාතික ඔලිම්පික් කමිටුවත් නෙත්මිගේ දක්ෂතාවලට ඇගයීමක් දෙනවා.හැබැයි ජාත්‍යන්තර අනුග්‍රහයට නෙත්මිට දොර හැරෙන්නෙ ඇය කණිෂ්ඨ තරගාවලියෙ ශ්‍රේණිගත කිරීම්වල අටවන තැනට ඒම නිසයි.ඒ දක්ෂකම මිස වෙන හැදුණුම්කම් හිතවත්කම් කිසිම දෙයක් ඊට අදාළ වුණේ නැහැ.ඒක ඇත්තටම වන්දනීය වුණත් සුද්දො වන්දගන්න වැඩ කරන්නෙ නැහැ.ලංකාවෙ ඊට වෙනස්.වැඩ කර ගන්නත් වන්දනවා.මේකට හොඳම උදාහරණයක් නෙත්මිගෙ ක්‍රීඩාවෙ නෙමෙයි ලංකාවෙ නෙට්බෝල් ක්‍රීඩාවෙ ඇමතිවරු මට්ටමෙන්ම කතා වුණ අවස්ථාවක් කාලෙකට ඉස්සර ඇහිලා තියෙනවා.ඉතාමත් දක්ෂ ක්‍රීඩිකාවකට ඇයට වගේම ඇයගෙ මවටත් යම් යම් අවස්ථා ගැනීම සඳහා අම්මා විසින් අමාත්‍යවරු සහ ප්‍රභූවරුන් පසුපස අර ක්‍රීඩිකාවගේ දන නමමින් වන්දමින් රැගෙන යාම.
වඳින කෙනෙක් වෙන්න ලංකාවෙ දේශපාලනඥයො කැමතියි.නාමල් රාජපක්ෂට වැඩිහිටියොත් වඳිනවා.ඒ වගෙම ඒ පවුලට සම්බන්ධ වුණාම පුත්තුන්ට විතරක් නෙමෙයි ලේලිටත් ඒ වැදිල්ලම දරන්න වෙනවා.වැදිල්ල කියන්නෙ සරලවම කිව්වොත් රාජපක්ෂලා මේන් ටේන් කරන දේශපාලන කෑල්ලක්.ඔවුන් වන්දනීය විදිහට සිය ප්‍රතිරූපය ගොඩ නඟාගන්න වැදිල්ල භාවිතා කරනවා.මිනිස්සුන්ගේ දන තමන්ගෙ ඉදිරියෙ බිම ඇණෙන එකට වගෙම කොන්ද අසාමාන්‍ය විදිහට නැමෙන එක එයාලගෙ දේශපාලන ප්‍රතිරූපය පුම්බගන්න වැදගත්.පිදිය යුත්තන් පිදීම හැටියට රාජපක්ෂලාව වන්දනාමාන කරන්න සමාජයට උවමනාවක් හදන්න තමයි මේවා පාවිච්චි කරන්නෙ.
රාජපක්ෂ තියරියට අනුව වදින එක පිදිය යුත්තන් පිදීම කියන ලේබලය යටතේ කළමණාකරනය කරාට ගමේ වැඩිහිටියා තමන්ට වැඳගෙන එද්දි නාමල් වඳිනවා දැකලා තියෙනවද?අත්වල කරගැට එනකං හේන කුඹුර එක්ක හැප්පෙන මිනිස්සුන්ගෙ ශ්‍රමය ගැන හිතලා වදිනවා දැකලා තියෙනවද?එහෙම නොවෙන්නෙ උඩ කියපු ලේබලය යටතෙ මිසක් වැඩිහිටියන්ට ගරු කරමු කියන ලේබලය එයාල මේ වැදිල්ලට අලවන්න සූදානම් නැහැ.මොකද එයාල කාටවත් වඳින්න අවශ්‍යය නැති රටම එයාලට වදින්න අවශ්‍යය තැනක තමයි මේ ප්‍රතිරූප වන්දනාව නිර්මාණය කරන්නෙ.
නෙත්මි හැබැයි සුරංගත් එක්ක එකතු වෙලා දැණුම ගන්නෙ මෙහෙම වැද වැටෙන සංස්කෘතියකින් නෙමෙයි.නෙත්මිවත් සුරංගිවත් හංගේරියාවෙ ක්‍රීඩා ඇමති දැකලවත් නැතුව ඇති.එහෙ ක්‍රීඩකයොත් එහෙම ඇමති දකින්න ඇමතිට වදින්න යන්නෙ නැහැ.ක්‍රීඩකයො ඒ රටේ වන්දනීයයි.ඔවුන් රටට කීර්තිය උපයන ජයග්‍රහණ ගෙනෙන මිනිස්සු.ඒ අයට වන්දනා කෙරෙන්නෙ ක්‍රමය විසින්, ඔවුන්ගේ දක්ෂතාවලට අවශ්‍යය පහසුකම් ගෙනෙන වැඩ සැළසුමක් ඇතුළෙ.ක්‍රීඩකයාට දක්ෂයාට අවශ්‍යය පහසුකම් තමන්ගේ ළඟට ගලා එන ක්‍රමයක් ඇතුළෙ.ඒ නිසා තමයි බුඩාපේස්ට් නගරයෙ තියෙන මල්ලවපොර ඇකඩමියෙ සුරංගට සහ නෙත්මිටත් දොර ඇරෙන්නෙ.එහිදී වැඳ වැඳ දේවල් ඉල්ලන්න වෙන්නෙ නැහැ.දේවල් ලැබෙනවා.
සුරංග සහ නෙත්මි එරට ක්‍රීඩා ඇමතිවරයා යුරෝපා පාර්ලිමේන්තුවත් නියෝජනය කරන බව දන්නෙ නැතුව ඇති.ඊට වඩා තෝමස් ඩේට්ස්ච්,ඔලිම්පික් නියෝජනය කරපු හිටපු පිහිණුම් ක්‍රීඩකයෙක් වගේම ඔලිම්පික් කමිටුවෙ හිටපු සභාපතිවරයෙක් බවත් ඔවුන් දන්නෙ නැතුව ඇති.නිතිවේදියෙක් වබව නොදන්නවා වගේම ඔහුගෙ පෞද්ගලික ජීවිතයෙ සිය තෙවන බිරිඳ සමඟ ගත කිරීම ගැන කවුරුත් ඕප දූපයක් කියනවා ඇහෙන්නත් නැතුව ඇති. ඔවුන් ඇමති කෙනෙක් නැති රටක හිටියා වගේ තමන්ට දිනන්න අවශ්‍යය පසුබිම හදාගෙන ආවා ඇරෙන්න ඒ සංස්කෘතිය ඇතුළෙ කිසිම ලොක්කෙක්ට වැදලා දේවල් ඉල්ලගන්න ඕනිකමක් නොවුණ එක දැනෙන්නවත් නැතුව ඇත්තෙ ඒක සාමාන්‍ය රටාව නිසයි.තමන්ගෙ රටත් නොවෙන,තමන්ගෙ ජාතියත් නොවන ආගමත් නොවන රටක තමන්ට පුහුණුව හ දැණුම පොදුවෙ හොඳින් බෙදා දෙන බිමක ඉදලා ඒකෙ ප්‍රතිපලවලින් ඕස්ට්‍රේලියානු මල්ලව පොර සූරිය බිම දාපු නෙත්මි සහ සුරංගට ලංකාවට ආවම හම්බ වුණේ ආයෙත් දන ගහපං වැදපං පුදපං කියන එක.දක්ෂකමට පුදන සංස්කෘතියකින් දක්ෂකමට අවස්ථා ගන්න වැඳ වැටෙන්න ඕනි තැනකට ආව බවයි මේ පිංතූර ටිකේ කතාව.
නෙත්මි මේ ජයග්‍රහණය රැගෙන ආවම ඇය රටට ගෙනා කීර්තියට ඇයගෙ දෙපතුළ ගාවට ගිහිං දේශපාලනික වශයෙන් ලකුණු ගන්නවත් සාමාන්‍ය මිනිස්සු ඉදිරියෙ පහතට එන්න කැමති නැති ආඩම්බරයක් ප්‍රභූත්වයක් කළමණාකරනය කරන එක තමයි රාජපක්ෂ සිද්ධාන්තය.හැබැයි ඒ සිද්ධාන්තය අස්සෙ මොනව හරි දීමනාවක් හරි හදාගන්න දක්ෂකමට වඩා වැඳිල්ල වටිනවා කියන එක සුරංගයි නෙත්මියි කැන්දගෙන එන කණ්ඩායම, තියෙන දේශපාලනය ඇතුළෙ දන්නවා.ඒ වැදිල්ල සැළසුම් කරලා ප්‍රචාරයක් ගන්න ගෙන්න ගත්තම මේ වෙලාවෙ අවුල් වෙයිද කියන එක හිතන්නෙ නැත්තෙ ඒක රාජපක්ෂ අනන්‍යතාවය හැටියට වන්දනීය මිනිස්සු කියා සමාජය මත රැඟිමේ උවමනාව නිසයි.
ඒ වගෙම නෙත්මි සහ සුරංග කැදවාගෙන එන අය ඒ දේශපාලනය හරියටම කියවගත්තු අය.රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නාමික බව ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙ බහුතර මුහුණුවල ඉදලා පත් කරපු ජාතික ක්‍රීඩා සභාවෙ සමහර මුහුණුවල ඉදලමත් දකින්න තියෙනවා.නෙත්මිලට සෙනෙහසින් වගෙ ඉදිරිපත් වුණ රාජපක්ෂලගෙ තවත් රාජධානියක් හැටියට සැළකෙන කුරුණැගල දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට නෙත්මි ඇමක්.ඒ රාජපක්ෂලට සමීප වෙන්න.ඒ් උවමනාවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට හේත්තු කරලා තියෙන නාමල් රාජපක්ෂගෙම හිතවතෙක් යොදාගෙන ක්‍රීඩා ඇමති ළඟට ගිහිං යමු කියලා නෙත්මිවයි පුහුණුකරුයි නාමල් රාජපක්ෂගෙ දෙපතුළ ළඟට අරගෙන යන්නෙ.මේකට රොෂාන් රණසිංහට කරන්න දෙයක් නැහැතඔහුට තියෙන්නෙ කබාය විතරයි.කබාය ඇතුළෙ තියෙන්න ක්‍රියාකාරී සියල්ල නෙත්මිගෙ සිඳුවීමෙන් පැහැදිළි කරගන්න පුළුවන්.
ඒ වගෙම ටෙනිස් ක්‍රීඩාවෙ ඇලිමක් පෙන්නලා සභාවෙ ලේකම් හැටියට ගේන සුජානි බෝගල්ලාගම නාමල් රාජපක්ෂගේ NR Associates සබඳතා හේතුවෙන් පසුගිය කාලයේ විවිධ චෝදනාවලට වංචාවන්ට සැක සහිතව කතාබහට ලක් වූ චරිතයක්.ඒ චෝදනා සැක කිරීම් පසෙක දැමූ විටත් ඇය NR Associates සමඟ සිටිය බව බැහැර කරන්න බැහැ.ඒ නිසයි විශාල මූල්‍යමය වංචාවන්ට සැක පිට ඇයගේ නම නීතිමය තත්ත්වයන්ට අදාළ වුණේ.
ඒ වගෙම රගර් ක්‍රීඩාවට නාමල් රාජපක්ෂගේ රගර් පරිපාලනය තහනම් කිරීම නිසා අහිමිවන්නට ගිය විශාල අවස්ථාවක් ලැබුණු නීතිමය අවසරය මත රගර් පරිපාලනය සිඳු කළ බව පැහැදිළියි.නමුත් තවමත් ඒ පිටුපස නාමල්වත් පොළඹවමින් සිටින චරිත අතර ප්‍රධාන තැනක් ගන්න ලසිත ගුණරත්නත් මේ සභාවෙ නමක්.ඔහු දියගම ක්‍රීඩාංගණයෙ ධාවන පථය එලීමේ කොන්ත්‍රාත්කරුනම් මේ තත්ත්වයට ඔහු සුදුසු නැහැ.ක්‍රීඩාව සම්බන්ධ සියල්ලට ජාතික ක්‍රීඩාව සම්බන්ධයි. ක්‍රීඩාවේ ව්‍යාපාර සඳහා මේ ලබැඳියාවන් කොයි ආකාරයකින් යොදා ගැනෙයිද?හිඟ මුදල් ගන්න උපදෙස් දෙන්න අවස්ථාවත් කඩිනම් කරන්න අවස්ථාවත් ජාතික සභාවෙ බලය ඇතුළෙ යොදාගන්න බැරිද? ඒ වගෙම තවත් අවස්ථා…
එසේම තවමත් විදේශ ක්‍රීඩකයෙක් මෙරටට ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මේලනයෙන් නියම කළ දඩයක් ශ්‍රී ලංකාවෙ රගර් සම්මේලනය වාර්ශිකව ගෙවමින් ඉන්නවා.ඒ වරදට රගර් සම්මේලනය එක දිගට ගෙවීම නොකර අදාළ නිලධාරින්ගෙන් එම මුදල අය කර නොගැනීම ගැටළුවක්.ලසිත ගුනරත්ත එම වැරද්දට රගර් පරිපාලනය යොමු වූ මොහොතෙ එහි උප සභාපතිවරයෙක්.
මේ වගෙ කාරණා නිසා කවුරුන් කෙසේ කීවත් ගිහිං වැදපා කියලා සුරංගවයි නෙත්මිවයි එකතු කරගෙන ආව කණ්ඩායම දන්නවා පදක්කම්වලට වඩා වැඳිල්ල තමයි නෙත්මිට ලංකාවෙන් පහසුකම් ගන්න අවශ්‍යය වෙන්නෙ කියලා.නමුත් ඒ ක්‍රමයම පවත්වාගෙන යන්න සූදානම් කියන එක පෙන්නා දීම තමයි මෙහිදී දකින්න තියෙන නරකම තත්ත්වය.නෙත්මිට ප්‍රමාදය මඟ හරවාගෙන යන්න පුළුවන්නම් අගෝස්තු 25 දා බල්ගේරියාවෙ ලෝක කණිෂ්ඨ මල්ලව පොර සූරතාවලිය තියෙනවා.ඒවට ප්‍රමාදයට සමාව ඉල්ලා හේතු දක්වා අවසර ගන්න පුළුවන් ද,ඒක අත හැරෙනවනම් සැප්තැම්බර් 10 – 18 සර්බියා හි පැවත්වෙන ලෝක සූරතාවලියට යාමට පෙර ඉතා ඉක්මණින් මේ පුද්ගල වන්දනාව සඳහා ඇයගේ මහන්සිය වැය නොකර නැවත හංගේරියාවට යැවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද?මේ සඳහා සියල්ල සූදානම් කර නෙත්මිගේ පය ළඟට යැවෙන වැඩ සටහනක් වෙනුවට නෙත්මිට අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේස වටේ කොයිතරම් වෙලාවක් නාස්ති කරන්න වෙයිද?ඇමතිවරු,ලේකම්වරු කී පාරක් ඇවිත් හම්බවෙන්න වෙයිද?ඒවා සාර්ථක කරගන්න තව කීපාරක් කීදෙනෙක් ඉස්සරහ දන නවන්න වෙයිද?
මේ ක්‍රමය තුළ වැදිල්ල කියන රැඟිල්ල අවශ්‍යය වෙනවා තමයි.ඒත් ලෝකයක් හිස නමා ආචර කරන දක්ෂතාවයක් සහිත අයෙක්ට, රට වෙනුවෙන් ජයග්‍රහණ අරගෙන එන්න ඒවා රැක ගන්න අවශ්‍යය පහසුකම් ගන්න එක එකාට වැඳ වැඳ යන්න ඕනිද?නෙත්මිලගේ පරම්පරාව ඒක උස්සල පොළවෙ ගහනවට අපි ආසයි.ඒ, ඒ ආසාව අපිට ඉෂ්ඨ කරගන්න බැරි වුණ නිසා වෙන්න පුළුවන්.ඒත් නෙත්මි – සුරංග ක්‍රීඩා කිරීම සඳහා ඉපදෙන්න වැඩියම ආස හංගේරියාවටද ලංකාවට ද?තනියම ඉන්න වෙලාවක කල්පනා කරල බලන්න..හංගේරියාවෙ ඉපදුණානම් එංගලන්තයෙ පැනපු 12 පනියිද?ඇයි එයාලට පනින්න ඕනි නැත්තෙ…?
නෙත්මි වැන්ද එක සාධාරණය කරන – පව් මොකුත් කියන්න එපා කියන අය රකින්නෙ නෙත්මිට උචිත සංස්කෘතියක් නෙමෙයි.ඒ අය බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ වෙල්පල්ලෙ අලෙයි බතලෙයි තමයි මේ පදක්කම ගෙනාවෙ කියලා.ඒවයෙන් ලෝකය දිනන්න පුළුවන් කියලා.සුසන්තිකා දිනුවමත් එහෙම කිව්වෙ.සුසන්තිකත් අදත් ඒවමයි කියන්නෙ.ඇමෙරිකාවෙ පුහුණුව නැති වුණානම්,යුපුන්ට ඉතාලියෙ ඉඩ නොලැබුණානම් …. ඒ නිසා ඒව කාලා හැදුණ කෙල්ලටයි පුහුණුකරුටයි හංගේරියානු ක්‍රීඩා සංස්කෘතිය ඇතුළෙ කරපු ව්ප්ලවය අමතක කරන්න එපා.ඒක තමයි අපි බර්මින්ග්හැම්වලදි දැක්කෙ.උන් ඉන්න ඕනි එහෙ.එහෙ යන්න මෙහෙ වදින්න ඕනි ද?එහෙ වගෙ දක්ෂයා ළඟට පහසුකම් එන්න ඕනි නැද්ද?
**වැදිල්ල පැවත්මට විලාසිතාවක් කර ගැනීම ගැන කියන්නට උදාහරණයකට ආචාරය නලින්ද සිල්වාගේ වැදිල්ලක්ද මෙයට එකතු කර ඇත.
*** මේ සමඟ වන සබඳතාවයෙන් නෙත්මි 2021 වසරේදි ලෝක කණිෂ්ඨ සූරතාවයේදි දැක් වූ දක්ෂතා දැක ගැනීමට ජාත්‍යන්තර මල්ලව පොර සංගමයේ ඇය සම්බන්ධ දත්ත ඇති පිටුවට පිවිසෙන්නට හැකිය.

https://uww.org/athletes/poruthotage-nethmi-ahinsa-fernando

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan