2025 සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම් – විභාග කොමසාරිස් ජනරාල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන 3545කදී ලබන 26 දා දක්වා මෙවර අපොස.සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවයි.

ඒ අනුව, විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

විභාග මධ්‍යස්ථාන 3545කදී අපේක්ෂකයින් හාරලක්ෂ පනස් එක් දහස් හාරසිය හැට තුන් දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව වාර්තා වේ.

තුන්ලක්ෂ අසූදෙදහස් දෙසිය හතලිස් නව දෙනෙකු පාසල් අපේක්ෂකයන් වන අතර හැටනව දහස් දෙසිය දාහතර දෙනෙකු පෞද්ගලික අපේක්ෂකයන් වේ.

සාමාන්‍ය පෙළ විභාගය පෙරවරු අටයි තිහේ සිට සහ පස්වරු 1.30 සිට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළේ, විභාග මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍යකටයුතු ද සුදානම් කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩාන හමුදාවෙන් ඩ්‍රෝන යානා ප්‍රහාරයක්: 300කට අධික සංඛ්‍යාවක් මිය යයි.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : සුඩානයේ හමුදාවට ඩ්‍රෝන...

බස්නාහිර පළාතට අධික වර්ෂාවක් : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව ආසන්නයේ...

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...