අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන එජාපයෙන් නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ඝාතන සිදුවීම ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂය එමඟින් පවසන්නේ.

පසුගිය වසරේදීද මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර වැඩිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයා අපොහොසත් වී ඈති බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් ගැන එජාපය කරුණු දක්වා ඇත. නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත්කළ යුතු බව දක්වා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු බව එජාපය දැනුම් දෙයි.

නිසි ආරක්ෂාව ලබාදීම සහතික කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නීතිඥයින් හට උපරිමයෙන් සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දක්වා තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...