AI Impact Summit උළෙලට සහභාගී වීම සඳහා ජනපති හෙට ඉන්දියාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ LNW :

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 වසරේ පැවැත්වෙන AI Impact Summit උළෙලට සහභාගී වීම සඳහා (17) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම ගෝලීය සමුළුවේ මූලික අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය මානව සංහතියේ යහපත උදෙසා වගකීම් සහගත ලෙස භාවිතා කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමයි.

රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සහභාගී වන මෙම පස් දින වැඩසටහනේදී, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට ද සූදානමින් සිටී.

මෙම සංචාරය අතරතුර ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ප්‍රමුඛ පෙළේ නායකයන් සමඟ වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක නිරත වනු ඇත.

තාක්ෂණික දියුණුව හමුවේ පවතින අභියෝග ජය ගැනීමට මෙම ජාත්‍යන්තර හමුව මගින් ශක්තිමත් පදනමක් සැපයීමට බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...